26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedබ්‍රැන්ඩික්ස් කොරෝනා ගැන හොයන්න කම්කරු ඇමතිගෙන් කමිටුවක්

බ්‍රැන්ඩික්ස් කොරෝනා ගැන හොයන්න කම්කරු ඇමතිගෙන් කමිටුවක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොරෝනා රෝගයට ගොදුරුවීම හා එය වලක්වා ගැනීමට ගත යුතුව තිබූ සෞඛ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ ඉදිරිපත් වන චෝදනා හා පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කරයි.

කම්කරු අමාත්‍යංශය ස්ථාපිත කළ සේව්‍ය,සේවක කොවිඩ් කාර්ය සාධක කමිටුව කම්කරු අමාත්‍යංශයේ ඊයේ (12) පැවති සාකච්ඡාවේදි වෘත්තීය සමිති නියෝජිතයන් මතු කළ කරුණු අනුව අමාත්‍යවරයා මෙම කමිටුව ස්ථාපිත කළේය.

කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් E.C.P. දාබරේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරි K.B.G.ප්‍රේමදාස යන අය එම විමර්ශන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පසුගිය දිනවල රෝගාතුරව සිටිය දි ,ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ සත්කාරක සේවා ලබානොදීම සහ එම රෝගාතුර තත්වයන් තුළ ඔවුන්ට නිවාඩු ලබා නොදී අඛණ්ඩව සේවය ආදිය පිළිබඳව ජනමාධ්‍යයන්හි පළ වාර්තා ද පදනම් කරගෙන ,එම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ සමීපතමයන් ගෙන් ද ,කෝවිඩ් සමයේ ක්‍රියාත්මක කළ යුතු කම්හල් සෞඛ්‍ය කමිටු නිසි පරිදි මෙම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ක්‍රියාත්මකවීද,කෝවිඩ් වැලැක්වීමේ සෞඛ්‍ය උපදෙස් මෙහි අනුගමනය කළේ ද,යනාදිය පිළිබඳ කර්මාන්ත ශාලා පරිපාලනයෙන් ද මේ පිළිබඳ පූර්ණ ප්‍රකාශ ලබාගෙන සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
සිය පැමිණිලි,සාක්ෂි සහ සිය සාමාජිකයන්ගේ ප්‍රකාශ මෙම කමිටුවට ලබා දෙන ලෙස අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන් ද ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ,සේව්‍ය සම්මේලනයේ සහ වෘත්තීය සමිති නියෝජිතයෝ ද ආයෝජන මංඩලයේ නියෝජිතයෝ ද කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරිහුද සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments