ගැබිණිමව්වරුන් සඳහා විශේෂ ක්‍රමවත් හා විධිමත් වෙනම එන්නත්කරණ වැඩපිළිවෙලක් වහාම පවත්වන්නයි රජයේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය..
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරිය කියා සිටියේ වෙනත් එන්නත්කරණ මධ්‍යස්ථානවල වැඩිවශයෙන් සෙනඟ ගැවසෙන නිසා ගැබිණි මව්වරුන් ඒ සෙනඟ අස්සට නොකැඳවා වෙනම ඒ අයට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරන ලෙසයි. මේවනවිට ගැබිණි මව්වරුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තාවෙන අතර දිවයිනෙන්ම ගැබිණි මව්වරු විස්සක් මියගොස් තිබෙනවා මේ සියලු දෙනා එන්නත් ලබාගෙන නැති බවද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙන බව කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.
බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේම කොවිඩ් ආසාදනයවු ගර්භණී මව්වරුන්ගේ සංඛ්‍යාව පන්සීය ඉක්මවා තිබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළාය.
ඒ මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ(16) සංගම් ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිණීය මෙසේද කීවාය………. බස්නාහිර පළාතේ මේවනවිට ගර්භණී මව්වරුන්ගේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සෑම දිස්ත්‍රික්කයකම ඉහල යමින් තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතවු ගර්භණී මව්වරුන් හයසිය විසිඅටක්, කළුතර හයසිය හතළිස් තුනක්, කොළඹ පන්සිය හතළිස් අටක් වශයෙන් වාර්තවි තිබෙනවා. මේ සංඛ්‍ය සැළකිය යුතු සංඛ්‍යාවක් වැඩි අවධානය යොමු කළ යුතු සංඛ්‍යාවක් ලෙස අපි දකිනවා.
මේවනවිට දිවයිනේම කොවිඩ් ආසාදනයවීම නිසා ගර්භණී මව්වරුන් විස්සක් මරණයට පත්ව තිබෙන අතර දිවයිනේම කොවිඩ් ආසාදනයවු ගර්භණි මව්වරුන්ගේ සංඛ්‍යාව 2800ක් පමණ වෙනවා. ඉන් හත්සීයක් පමණ රෝහල්ගතවී සිටිනවා.
විශේෂයෙන්ම ගර්භණී මව්වරුන් තමන්ට හිසරදයක්, කැස්සක්, සෙම්ප්‍රතික්ෂාවක් සාමාන්‍ය දෙයක් කියලා හිතලා කටයුතු නොකර වෛද්‍ය ප්‍රතිකාර කර ගන්න එමෙන්ම ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ෂාවක් කර ගන්න කියලා ඉතා ඕනෑ කමෙන් ඉල්ලා සිටිනවා. මේ දිනවල පැතිර යන ඩෙල්ටා කොවිඩ් වයිරස පැතිරීම සීයට දෙසීයක්වන අතර එය ශරීරය තුල ඉතා වේගයෙන් වර්ධනය වන නිසා ගර්භණී මව්වරුන් මෙම උපදෙස් දැඩිව පිළිපැදිය යුතුයි.
ගර්භණී මවක් කියන්නේ ජීවිත දෙකක් නිසා එම මව්වරු කෙරෙහි අපි දැඩි අවධානය යොමු කළ යුතුයි. ගර්භණී මවකට කොවිඩ් ආසාදනයවීමේ වැඩි ඉකකඩක් තිබෙනවා මන්ද ඒ අයගේ ප්‍රතිශක්තිකරණය හීනවීමේ තත්ත්වයක් තිබෙන නිසා. එබැවින් අපි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ සංගමය ලෙස අපි දිගින් දිගටම ගර්භණී මව්වරුන් උපදෙස් ලබාදෙමින් සිටියා නිවසින් බැහැරව කොහෙත්ම යන්න එපා, දුරස්ථභාවය තබාගන්න, මුඛ ආවරණ පළඳින්න , නිතරම අත්සෝදන දියර භාවිතා කරන්න.
එබැවින් ගර්භණී මව්වරුන් සිටින නිවෙස්වල සිටිය අය එමමව පිළිබඳ දැඩි අවධානයෙන් සිට කටයුතු කළයුතුයි. අත්‍යාවශ්‍යම කරුණකට එළියට යායුතුයි. එළියට ගොස් පැමිණීමේදී පිටතින් ඇඳගෙන ගිය ඇඳුම් සෝදා දමා ස්නානය කොට නිවසට පැමිණෙන ක්‍රමයක් සකස් කර ගන්න. පුළුවන් තරම් කොරෝනා වයිරසයෙන් බේරි ඉන්න කියලා නමුත් දිගින් දිගටම මෙය කිව්වත් ඒවාට ඇහුම්කන් නොදුන් නිසා අද විශාල ලෙස ගර්භණි මව්වරුන් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය මත ඔවුන්ට සේවා සපයන්න යන සෞඛ්‍ය සේවකයිනුත් දැඩි අවධානමකට ලක්වෙලා තිබෙනවා.
කොහොම ලොක්ඩවුන් කළත් රටේ ජීවත්වන මිනිස්සු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට හොරෙන් පාරට බහිනවානම් ඒවායින් ප්‍රතිඵලයක් නැතිවෙනවා.මේ දිනවල පිටතින් ආහාර ගෙන්වා ගැනීමෙනුත් වළකින්න කියලා ඉල්ලා සිටිනවා. ඒ නිසා ජනතාව යම් විනයක් , බියක් මේ රෝගය පිළිබඳ ඇති කරගත යුතුයි. ආරක්ෂක අංශවල ඇස්වහලා කුමන හෝ ලේබල් ගසාගෙන වාහන අරගෙන ගියත් කොවිඩ් ඇස් ඇරගෙන සිටින බව ජනතාව සිහි තබාගත යුතුයි. අද දරුවන් හතළිස් පන්දහසක් ආසාදනය වෙලා තිබෙනවා. ඒ නිසා අපේ මතුපරපුරට ආදරයක් තිබෙනවා නම් අපි සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතුයි. සෑම දෙනාම කොවිඩ් ආසාදනය නොවන අතර නිවසට කොවිඩ් නොගෙන එනවා කියන දැඩි අධිෂ්ඨානයෙන් සිටිය යුතුයි. නැත්නම් කුමන තීන්දුවක් තීරණයක් ගත්තත් ඵලක් නැති වෙනවා.