26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅමාත්‍යාධූර හතක් සංශෝධනයවේ.

අමාත්‍යාධූර හතක් සංශෝධනයවේ.

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදුකර ඇත ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දෙනු ලැබීය. සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදි ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දී ඇත්තේ විදුලිබල අමාත්‍යවරයා ලෙසය. නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දෙන ලදි 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments