25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 යි 20යි දෙකේම ගැටලු තියෙනවා - නවරත්න බණ්ඩාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 යි 20යි දෙකේම ගැටලු තියෙනවා – නවරත්න බණ්ඩාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විස්සද දහනවයද හොඳ කියාලා බැලුවොත් ඒ දෙකම ගැන ගැටලු තිබෙන බව මහචාර්ය නවරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(09) සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති 20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින්ය. මෙහිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කුමකටද,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කාවෙනුවෙන්ද , 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කියැවීමට අත්වැලක් යන ග්‍රන්ථයක්ද එළි දැක්විණි. එහිදි තවදුරටත් අදහස් දැක්වු මහචාර්ය වරයා මෙසේද කීය……… මුලින්ම ඇතිවෙන්නේ සිවිල් අයිතිවාසිකම් දෙවනුව තමයි දේශපාලන අයිතිවාසිකම් ඇතිවෙන්නේ. ව්‍යවස්ථාවක් කියන්නේ පාලනයේ ව්‍යාකරණයයි. එය ජනතාව හා පාලකයින් අතර ඇතිවන එකඟතාවයක්. පාලකයින් ව්‍යවස්ථාවට යටත්විය යුතුයි. එමෙන්ම ජනතාපරමාධිපත්‍ය ජනතාවට තිබෙන්නේ කියලා ජනතාවට නීති කඩකරන්නත් බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පරමාර්ථ වෙන්නේ පුද්ගල නිදහස, අයිතිවාසිකම් ශක්තිමත්කරමින් පාලකයින් බලයට සීමාවන් දමමින් පාලකයෝත් පාලිතයෝත් දෙගොල්ලන්ම නීතියට යටත් කිරීමයි. එතකොට කව්ද පාලනය කරන්නේ නීතියයි.1978 සිට අපේ ව්‍යවස්ථාව දහනව වතාවක් සංශෝධනය කරලා තියෙනවා. අලුත් එක පැමිණියාම එය විසිවතාවක් වෙනවා. අපිට ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ ශිෂ්ඨ සම්මත ආකාරයක සමාජ ජීවිතයක් සඳහා.වෙන මොනවා නැතත්.විධායක ජනාධිපති නීතියට උඩිනුයි සිටින්නේ. 2015දී අපි සිතුවා මේ සැරේනම් වැඩේ හරි කියලා මන්ද ගෙදර යන ජනාධිපති කෙනෙක් සිටින නිසා නමුත් ඒක සිදුවුණේ නැහැ. රාජ්‍ය අංශයේ විගණනය තිබිය යුතුයි. පුද්ගලික අංශයේ නම් ඒ අය විගණනය කර ගන්නවා. ප්‍රසම්පාදනය ගැනත් අවධානය තිබිය යුතුයි. අනෙක් කොමිෂන් සභා මේවා ස්වාධීන කොමිෂන් සභා නොවේ ඒවා මහජන කොමිෂන් සභා ලෙසයි හැඳින්විය යුත්තේ. මේවා තිබිය යුත්තේ ජනතාවගේ අයිතිවාසිකම්,පරිපාලනය,අධිකරණ බලය මේවා ජනතාවගේ ආරක්ෂාවට තමයි තිබෙන්නේ. ජනතාවගේ බලය රැකගන්න අල්ලස,දූෂණය නවතා ගැනීමට තමයි මේවා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ බලය තිබිය යුතුයි. එය නැතිවි යනවිට වෘත්තීය සමිති අතුළු සිවිල් බලය නැතිවි යනවා. අද ඉඩම්වලට ලෝකයේ විශාල ඉල්ලුමක් ඇතිවීගෙන එනවා. කෙසෙල්, ස්වභාවික පොහොර භාවිතයෙන් එළවළු වගා කරන්න. ඒ නිසා අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගැඹුරින් මේවා දෙස බලන්න නිකම් ලිබරල්වාදි ලෙස බලන්න එපා. විස්ස හොඳයි දහනවය හොඳයි කිය කියා ඉන්න එපා. දහනවය හොඳටම හොඳත් නැහැ. දෙකම ගැන හොඳ කියන්න බැහැ. මෙහිදි දේශනය තවදුරටත් පැවැත්විණි.

තවද වෘත්තීය සමිති නියෝජතයින් වන සිල්වෙස්ටර් ජයකොඩි, ජෝශප් සිල්වෙස්ටර්, රවි කුමුදේශ්,කේසර කෝට්ටේගොඩ ඇතුළු තවත් කිහිප දෙනකුමට අදහස් දැක්වූහ.

කැප්ෂන්- මෙහිදි පැමිණි සිටි ආරාධිත වෘත්තීය සමිති නායකයින්ට හා සිවිල් සංවිධාන නියෝජිතයින්ට 20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැඳවුම්කරු මණ්ඬලයේ සාමාජිකයින් විසින් ග්‍රන්ථය ප්‍රදානය කිරීම සිදුකෙරුණු අයුරු මෙහි දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments