29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ලොව ප්‍රබල රටවල් පවා කොවිඩ් හමුවේ පසු බෑමකට ලක්වෙලා එහෙත් අපි ජනතාව...

ලොව ප්‍රබල රටවල් පවා කොවිඩ් හමුවේ පසු බෑමකට ලක්වෙලා එහෙත් අපි ජනතාව වෙනුවෙන් සිදුකරන සංවර්ධන සැලසුම් නවතා දමා නැහැ. පො.එ.පෙ. ලේකම් සාගර

කොරෝනා වසංගතය පාලනය

කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ වැරැදි

මත පතුරා ජනතාවගේ විශ්වාසය

බිඳ දැමීමට කටයුතු නොකරන

ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින

බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර

කාරියවසරම් මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ

(17) ශ්‍රී ලංකා පොදුජන

පෙරමුණ පක්ෂ කාරයාලයේ

පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදි

වැඩිදුරටත් අදහස් දැක්වූ

මන්ත්‍රීවරයා මෙසේද

පැවැසීය….ලොව බලවත්ම රටවල්

පවා කොවිඩ් වසංගතය හමුවේ

විශාල පසුබෑමකට ලක්වෙලා

තිබෙනවා. මෙවැනි තත්ත්වයක්

යටතේ තමයි අපි මේ රට අද

පාලනය කරමින් යන්නේ ඒ අතර

අපි මේ රටේ ජනතාව වෙනුවෙන්

සියලු සංවර්ධන කටයුතු වගේම

අනාගත සැලසුම් සියල්ල අද

සිදුකරනවා.

මෙ රටේ පුරවැසියන් ලෙස මේ

තත්ත්වය අප තේරුම්ගත යුතුයි.

පසුගිය වසරේ මාර්තු මාසයේ මේ

රට වැසුවාට පසු අද වෙනකම්

කිහිප වතාවක් විවිධාකාරයෙන් මේ

ව්‍යාසනය උත්සන්න වුණා. අපි සෑමදාම කියනවා ඉදිරි සති දෙක තීරණාත්මකයි කියලා හැබැයි මේක හැමදාම තීරණාත්මකයි.මේ ව්‍යසනය ඇතුළත සෑම දිනයක්ම තීරණාත්මකයි. මෑතකදී වෛද්‍ය විශේෂඥවරු මත පළ කළා. අවම වශයෙන් තව වසර දෙකක්වත් අපට කොරෝනා වසංගතය සමග ජීවත්වන්නට සිදුවේවි කියලා. ලොවම පිළිගත් කාරණය තමයි එකම විසඳුම එන්නත්කරණය කියලා ඒ අනුව මේ අවස්ථාවේදී රජය ලෙස අපි සිදුකරන්නේ මේ එන්නත් කරණ ක්‍රියාවලිය හැකිතරම් කඩිනම් කර සියලු ජනතාව එන්නත්කරණයට ලක්කර ජනතාව මේ ව්‍යසනයෙන් මුදවා ගැනීමයි. මේවසංගතය හමුවේ සෞඛ්‍ය සේවාවල නියැලෙන සියලු පුද්ගලයින් දැඩිකැපවීමකින් වෙහෙසෙනවා. මේවෙලාවේ විපක්ෂය ඔවුන් අතින් සිදුවන සුළුසුළු වැරැදි අල්ලාගෙන මේ රට ගිනි තියන්න හදන එක නවතින්න කියන කාරණය මෙහිදි කියන්න කැමතියි. මේ ඊට සුදුසු වෙලාවක් නොවෙයි. දේශපාලන පසුව කරන්න පුළුවන්. ප්‍රතිපත්තිමය වශයෙන් මේ ක්‍රියාදාමයේ අඩුපාඩුවක් තිබෙනවා. නම් කියන්න කියලා විපක්ෂයෙන් අල්ලාසිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments