රාජ්‍ය සංවිධානයක් හෝ ආයතනයක් නොවන හුදෙක්ම වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ රටේ සිදුවන ජාතික තලයේ ගැටලු පිළිබඳව කතා කිරීමට හෝ රජය සමග එක්වී තීන්දු තීරණ ගැනීමට කිසිදු නෛතික අයිතියක් වෘත්තීය සමිති ආඥා පනතින් ලබාදී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂණ බෙල්ලන පැවසීය.
ඔහු මෙසේ කියා සිටියේ ඊයේ (12 වැනිදා) නාරාහේන්පිට අභයාරාම විහාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
‘‘තමන්ට අදාළ ක්ෂේත්රය හැරෙන්නට මේ රටේ අනෙකුත් සියලුම ක්ෂේත්රයන්හි වැරදි අඩුපාඩු මතු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කිරීම ලැජ්ජා සගහතයි. ලෝකයේ කිසිම රටක වෛද්‍යවරුන් මෙලෙස දේශපාලනයේ යෙදෙමින් තම වෘත්තියේ ගෞරවය විනාශ කරගන්නේ නෑ.’’
මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ප්‍රධාන අනුශාසකත්වය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පිරිනැමීය. එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.
‘‘මම මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ අනුශාසකත්වය භාර ගැනීමට ප්‍රධාන හේතුව වුණෙ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට අදාළ කාර්යභාරය නිසියාකාරව සිදුනොකරන බව වැටහුණු නිසායි. ඔවුන් වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරියට පුළුවන් තරම් කේළාම් කියලා ඔවුන්ගේ හිතවත් පිරිසට ස්ථාන මාරුවීම් අරගෙන තියෙනවා. නමුත් ඔවුන්ගේ සංගමයේ නොමැති වෛද්‍යවරුන්ට හිතුමතේට එකවර ස්ථාන මාරු ලබාදීලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව මේ සංගමයේ වෛද්‍යවරු හිතාගෙන ඉන්නේ වෘත්තීය සමිතියක සාමාජිකයො විදියට නෙමෙයි රජයේ තීරණ ගන්න සාමාජිකයන් කියලා. පසුගිය සතියේ වෛද්‍යවරු පිරිසකට හදිසියේම ස්ථාන මාරු ලැබිලා තියෙනවා. මේ වෛද්‍යවරු වෘත්තීය සමිතිවලට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශට හිතවත් වෙලා පක්ෂපාතීවෙලා නැති නිසයි මේ මාරුවීම් ලැබිලා තියෙන්නෙ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ මේ වෛද්‍යවරුන්ට කුඩම්මාගෙ සැලකිලි දක්වන්න එපා. කරුණාකරලා නීති පටිපාටියකට මොවුන්ගේ මාරුවීම් සිදුකරන්න කියලයි.’’