සියලු බේකරි නිෂ්පාදන මිල ඉහල ගොස් තිබෙන අතර ඒවා අපට දරා ගත නොහැකි නිසා පාන්රත්තලක මිල රුපියල් පහකින්,බනිස්, කෙටිකෑමවර්ග ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් දහයකින්ද , කේක් කිලෝ එකක් රුපියල් සීයකින් ලබන (23) සිට වැඩිකරන්න සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව අද මාධ්‍ය හමුවක් පවත්වා පැවසු අතර එහිදි වැඩදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් රජය යම් සහනයක් ලබාදෙනු ඇතැයි බලා සිටියත් මේ දක්වා ඊට කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. එබැවින් සමස්ත ලංකා බේකරි හිමියන් සංගමය රැස්වී මෙම තීරණයට පැමිණියා.
දැන්වත් රජය මේ සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාරයක් දක්වයි යන්න අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.