පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් එළඹෙන 21 වනදා දිවයින පුරා කළු කොඩි විරෝධතාවයක් පවත්වන බව කතෝලික අගරදගුරු පදවිය පවසයි.
එහි නියෝජිත සිරිල් ගාමිණි පියතුමන් අද (19) පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ පවතින කොවිඩ් අර්බුදය මැද වුවත් මෙවන් තීරණයක් ගත්තේ ආණ්ඩු පෙරළීමට නොව ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනීමට බවය.