සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් බවට පත් කරමින් නැගෙනහිර පළාතේ ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉඟුරු කහ වැනි සුළු ආර්ථික භෝග නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ඉතා සාර්ථකව ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් පවසයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වී වගාවට සමගාමීව කුඩා පරිමාණ ආර්ථික බෝග ප්‍රවර්ධනය කිරීම සඳහා අප රජය මගින් විවිධ වැඩසටහන් දියත් කර ඇති බව පැවසුපසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මැතිතුමා පසුගිය බ්‍රහස්පතින්දා මන්මුනේ බටහිර වවුනතිව් ප්‍රදේශයේදී කහ පැළ බෙදා දීමේවැඩසටහනකට එක් වීමෙනි. එහිදී එතුමා කියා සිටියේඅපේ දේශීය නිෂ්පාදන සහ ඒ ආශ්‍රිතව යැපෙන අනෙකුත් අංශයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් ඇතැම් සුළු ආර්ථික බෝග සඳහා ආනයන තහනම් පනවා ඇති පසුබිමක විදේශීය රටවලට අපනයනය කිරීමට ප්‍රමාණවත් තරම් සුළු ආර්ථික බෝග තිබියදීත් ඒවා ආනයනය කිරීම අනුමතකල නොහැකි කරුණක් බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි බටහිර වවුනතිව් ප්‍රදේශයේ එක් පවුලකට කහ පැළ දහය බැගින් පවුල් 5000 කට කහ පැළ 50000 ක් බෙදා දීම පළමු පියවර ලෙස ආරම්භ කල අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ කහ ඉඟුරු සහ පරිප්පු වැනි සුළු ආර්ථික භෝග වගා කිරීමට සුදුසු සාරවත් පසක් ඇති නිසා ඒවා නිශ්පාදනයට අවශ්‍ය පසුබිම ඉදිරියේදී සකස් කිරීමට තමන් කටයුතු කරන බවත් මුල්අදියරේදී කරදියානාරූ වන්දරුමුනෙයිවාලෙයි ප්‍රදේශවගා කටයුතු කළ හැකි ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවත් වගා කිරීම සඳහා ගොවීන්ට රුපියල් ලක්ෂ 3බැගින් ලබා දී ඇති බවත්එසේම කළුතර ප්‍රදේශයේ මිරිස් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් දැනට ආරම්භ කර ඇති බවද පැවසීය.