21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා සහ ඉන්දීය ‍නාවික හමුදාවන්ට අයත්...

ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා සහ ඉන්දීය ‍නාවික හමුදාවන්ට අයත් ශක්ති නෞකාවන් මෙරට බලා පිටත් වේ.

ඉන්දීය  රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා  2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ  ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ  අතර, එම  සායනික ඔක්සිජන්  තොගය රැගත්  ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 20) චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් විය.

එමෙන්ම, තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යෝදාගනුලබන ශක්ති නම් නෞකාවක්ද  ඉන්දියාවේ  විශාඛාපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ (2021 අගෝස්තු 19) ශ්‍රී ලංකාව බලා  පිටත් වූ අතර, ඔක්සිජන් රැගත් මෙම නෞකාවන් 2021 අගෝස්තු මස 22 වන දින සවස සහ 23 උදෑසන කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.  

ඉන්දීය රජයෙන්  ඇනවුම් කරන ලද සායනික ඔක්සිජන් නාවික හමුදාව මඟින් මෙරටට රැගෙන ඒමේ  ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා  සහයෝගය ලබා දෙන ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං සමඟ සෘජුවම සිදු කළ සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන්, දෙරටේ නාවික හමුදාවන් අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් මෙලෙස ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති  නෞකාව ද මෙරටට සායනික  ඔක්සිජන් රැගෙන ඒම සඳහා එක්විය.

තවද, මෙම සේවාව අවශ්‍යතාවය අනුව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය ඉදිරියටත් නොපමාව ලබා දිමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments