ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව දින 11කට පමණක් ප්‍රමාණවත් ඉන්ධන තිබෙන බවත් ඉදිරියේදී ඉන්ධන හිඟයක් රටතුල ඇතිවිය හැකි බව ප්‍රකාශ කළ ආනන්ද පාලිත යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සේවක සංගම් සභාපතිවරයකු යැයි පවසමින් මෙම පුද්ගලයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මෙම ප්‍රකාශය කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන ලද අතර ආනන්ද පාලිත යන අය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බවට කරුණු ආනාවරණයවීම හේතුවෙන් (21) සී.අයි.ඩි. මගින් වත්තල ප්‍රදේශයේදී පදිංචි දොන් දෙමටගේ ආනන්ද පාලිත යන අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.
මෙම සැකකරු (22) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.