“ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් වැඩසටහන පටන් ගත්තෙ පසුගිය ජනවාරි 29.පළමුව සෞඛ්ය සේවකයින්ටත්, කොවිඩ් මර්දනයේ නිරත පිරිසටත්ප්ර මුඛතාව දුන්නා. ලෝක තත්වය හමුවේ විවෘත වෙළෙඳ පොලේ එන්නත් ලබා ගන්න බැහැ. එය කළ යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්. ඒ දේ අපි කළා. මේ වන විට සමස්ත ජනගහනයෙන් 55% කට එන්නත් එක් මාත්‍රාවක් හෝ තිබෙනවා.සමස්ත ජනගහනයන් 25%කට එන්නත් මාත්රාව දෙකම දී අවසන්” වසංගත රෝග විද්‍යා අංශයේ වැඩ බලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
විශේෂඥ වෛද්‍ය ගිනිගේ මහතා මෙම අදහස් පල කළේ “ නිරෝධායන ඇඳිරිනීතිය සමයේ එන්නත් කරණය කාටද කෙසේද” මැයෙන් රජයේ ප්ර වෘත්ති දෙපාර්තමේන්තුව අද (22) සංවිධාන කළ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති සංවාදයට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාද එක්ව සිටියහ.
“අපේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනය මිලියන 11.5 ක්. මොවුන්ට මාත්‍රා දෙකම දෙන්න අපිට මිලියන 23 ක ප්රවමාණයක් අවශ්‍ය වෙනවා. දැනට අපිට එන්නත් මිලියන 19.5ක ප්ර මාණයක් ලැබිලා තියෙනවා. ඉදිරි සති දෙකතුල ඉතිරි එන්නත් ප්‍රමාණය සපයා ගන්න පුළුවන්. අපේ ඉලක්කය සැප්තැම්බර් මස මුල් සතිය වන විට අවුරුදු 30ට වැඩි සෑම කෙනෙකුටම එන්නත් මාත්රා් දෙකම ලබා දීම. අපි ඒ ඉලක්කයට සාර්ථකව ලඟා වෙමින් සිටිනවා. අද වන විට 30ට වැඩි ජනගහණයෙන් 99%කටම ප්‍රථම මාත්‍රාව දී අවසන්. 30ට වැඩි කණ්ඩායමේ 48%කට දෙවන මාත්‍රාවද දී අවසන් ” වෛද්‍ය සමිත ගිනිගේ මහතා පෙන්වා දුන්නේය.
සැප්තැම්බර් මස දෙවන සතියේ සිට වයස අවුරුදු 18 -30 ත් අතර පිරිස එන්නත්කරණයට සැලසුම් කර තිබෙන බවත් මිලියන 3.2ක පිරිසක් එම වයස් ඛාණ්ඩයට අයත් බවත් කී වෛද්යිවරයාතවමත් වයස 60 ට වැඩි සුළු පිරිසක් එන්නත් ලබා නොගෙන සිටින බවත් මරණ ප්‍රතිශතය අඩු කර ගැනීමත්, රෝග ව්‍යාප්තිය පාලනය කිරීමත් එන්නත් කරණයේ ප්‍රධාන අරමුණු දෙක බව පැවසීය.
“මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ වලින් 77 %ක් වයස අවුරුදු 60 ට වැඩි අය, 22% ක් වයස අවුරුදු 30 – 59 ත් අතර අය, 1%ක් වයස අවුරුදු 30ට අඩු අයයි. ඒ වගේම මරණ වලින් 65%ත් 70% ත් අතර ප්ර මාණයක් සිදුවී ඇත්තේ නිදන්ගත රෝග වලින් පෙනෙන අය. වාර්තා වූ මරණ වලින් 91%ක්ම එන්නත් මාත්‍රා එකක්වත් ලබා නොගත් අය.” ප්‍රමාද වීම පසු තැවීමට හේතුවක් විය හැකි නිසා හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නැයි වෛද්‍ය ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
“නිවසේ රඳවා ප්‍රතිකාර කරමින් බලා ගැනීමේ වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේ. මෙතෙක් කිසිම මරණයක් නිවෙස්වලින් වාර්තා වූයේ නැහැ. රෝග ලක්ෂණ උත්සන්න වීම නිසා ඉන් 05%ක් පමණ රෝහල් කළා. මේ ක්රුමය සාර්ථක වූ නිසා තමයි සෞඛ්ය අමාත්‍යාංශය තීරණය කළේ එය දිගටම ක්‍රියාත්මක කිරීමට. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග රෝගීන්ඉහලයාම නිසා බරපතළ රෝගීන් සඳහා රෝහල් ඉඩ වෙන්කිරීම ඉන් අපෙක්ෂා කළා” යයි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
වයස අවුරුදු 02 සිට 65 අතර පිරිස නිවසේ රඳවා ප්රෂතිකාර කර බලා ගැනීමේ වැඩසටහන සඳහා තෝරා ගන්නා බවත්, ඔවුන් දීර්ඝ කාලීන රෝග වලින් පෙළෙන අය නොවීම, ඔවුන් සමග සන්නිවේදනය පවත්වා ගැනීම, රෝගීයාට වෙනම සිටීමට කාමරයක් තිබීම වැඩසටහනට අවශ්යව කොන්දේසි බවත් පෙන්වා දුන් වෛද්ය වරයාඑලෙස නිවසේ රඳවා ප්රරතිකාර කරන අතර අවම වශයෙන් දිනකට දෙවරක් වෛද්ය වරුන් රෝගීයා හා සම්බන්ධ වෙමින් අවශ්ය උපදෙස් දෙන බව පැවසීය.
නිරෝධායන ඇඳරිනීති කාලය තුල ගමන් බිමන් කිරීමේදී අත්යාතවශ්යය සේවා වලට පමණක් අවසර දී ඇති බව පොලිස් මාධ්යි ප්රලකාශක ජ්යෙමෂ්ඨ පොලිස් අධිකාරීතල්දූව මහතා කීය. රාජකාරී සඳහා වාර්තා කරන පුද්ගලයින් සඳහා ආයතනික හැඳුනුම්පත හෝ ආයතනය ලබා දුන් ලිපියක් අනිවාර්ය බවත් පැවසූ ඔහු කිසිවිටකත් පොලිස් ස්ථාන වලින් බලපත්රත දීමක් සිදු නොකරන බව සඳහන් කළේය.