21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව කොළඹ...

ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව කොළඹ වරායේ.

ඉන්දීයාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා  2021 අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගිය ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති ‍නෞකාව  සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන 2021 අගෝස්තු මස 22 වන දින මධ්‍යම  රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වීය.

පවත්නා වසංගත තත්වය හමුවේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීමේ අරමුණෙන්, ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒමේ ක්‍රියාවලිය නාවික හමුදාව මගින් සිදු කරන ලෙසට අතිගරු ජනාධිපතිතුමන් විසින් නාවික හමුදාධිපති වෙත උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව සායනික ඔක්සිජන්  රැගෙන ඒම සඳහා නාවික හමුදාව විසින්  2021 අගෝස්තු 17 වන දින ශක්ති නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත් කර හරින ලද අතර, අගෝස්තු 18 දින ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟාවූ නෞකාව, සායනික ඔක්සිජන් තොගය ලබා ගැනීමෙන් පසු නැවත 2021 අගෝස්තු මස 20 වන දින ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට කොළඹ වරාය බලා ගමන් අරඹා 2021 අගොස්තු 22 වන දින  මෙලෙස එම සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන කොළඹ වරායට සේන්දු විය. 

ඒ අනුව, ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව මඟින් මෙලෙස රැගෙන එන ලද සායනික ඔක්සිජන් තොගය කොළඹ වරාය වෙත ගොඩබෑමෙන් අනතුරුව නැවතත් එම නෞකාව හෙට දින (2021 අගෝස්තු 24) තවත් සායනික ඔක්සිජන්  තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

තවද, සායනික ඔක්සිජන් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය කාර්යක්‍ෂමව සිදු කිරීම සදහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපතිගෙන් සෘජුවම සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 100ක පමණ ප්‍රමාණයක් රැගත් ඉන්දියානු නාවික හමුදාවේ ශක්ති නෞකාවද 2021 අගෝස්තු මස 22 වන දින පස්වරුවේ දී කොළඹ වරායට සේන්දු විය. 

පවතින වසංගත තත්වය හමුවේ මෙරටට අවශ්‍ය සායනික ඔක්සිජන් කඩිනමින්  ලබා ගැනීම සඳහා මෙම සේවාව අවශ්‍යතාවය මත ඉදිරියටත් කාර්යක්‍ෂමව සිදු කිරිමට ශ්‍රි ලංකා නාවික හමුදාව සුදානමින් සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments