පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයෙහි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කිරිඇල්ල පොලිස් වසමේ දිග්ගලහේන, එපිටවල, කිරිඇල්ලදී සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 01ක් සහ එම අවි නිෂ්පාදනය සදහා යොදා ගන්නා අවි කොටස් 03ක් සමග බෝර 12 හිස් පතුරොම් කොපු 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීමේදී ඔහුගේ නිවසේ ගරාජය තුල නීති විරෝධී අයුරින් මෙම බෝර 12 ගිනි අවි නිෂ්පාදනය කරන බවත් නිෂ්පාදනය කරනු ලබන බෝර 12 ගිනි අවි විවිධ ගැණුම් කරුවන් වෙත ලබාදීම සිදුකරනු ලබන බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත. එහිදි මෙරට නිෂ්පාදිත බොර් 12 ගිනි අවි 02 යි, නිෂ්පාදිත බොර් 12 ගිනි අවි කොටස් 03 යි, බෝර 12 පතුරොම්, 09යි, බොර 12 හිස් පතුරොම් කොපු
බුත්තල කඳවුරේ නිලධාරීන් මොණරාගල පොලිස් වසමේ සිරිගල ප්‍රදේශයේ දී වැටලීමකදී බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා තේක්ක දැව කඳන් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන එහිදි විවිධ ප්‍රමාණයේ තේක්ක කඳන් 85ක් තිබි ඇත.