21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකා'රටේ ආර්ථිකයට බලනොපාන ‍ලෙස කොවිඩ් වසංගය පාලනය කරන්නේ කෙසේද?' රජයේ වෛද්‍ය...

‘රටේ ආර්ථිකයට බලනොපාන ‍ලෙස කොවිඩ් වසංගය පාලනය කරන්නේ කෙසේද?’ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පිළිතුරු දෙයි.

ආර්ථිකයට බලටනොපොන ‍ලෙස

කොවිඩ් වසංගය පාලනය

කරන්නේ කෙසේද?

කොවිඩ් රෝග ව්‍යාප්තිය

වැළැක්වීම මෙන්ම සාමාන්‍ය ජන

ජීවිතය පවත්වා ගනිමින් ආර්ථිකය

කළමනාකරණය කරගැනීම සඳහා

අවශ්‍ය ක්‍රමවේද හා උපාය මාර්ග

සඳහන් වාර්තා හයක් මේනවිට එළි

දක්වමින් පෙන්වාදුන් බව රජයේ

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කියා සිටියි.

ඒ අනුව එම සංගමය ‘රටේ

ආර්ථිකයට බලටනොපොන ‍ලෙස

කොවිඩ් වසංගය පාලනය

කරන්නේ කෙසේද?’ මැයෙන්

නිවේදනයක් නිකුත් කරමින්

තවදුරටත් කරුණු මෙසේ දන්වා

සිටියි……
කොවිඩ් වසංගතය ආරම්භයේ සිට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ

සංගමය ශ්‍රී ලංකාව තුළ කොවිඩ්

රෝග ව්‍යාප්තිය පාලනය

කරගැනීම් සඳහා අවශ්‍ය

උපායමාර්ගික වාර්තා හයක්

මේනවිට එළි දක්වා ඇත.
සාර්ථකව කොවිඩ් රෝගය පාලනය

කරන රටවල් අපගේ වාර්තාවන්

වල සඳහන් ක්‍රමවේද වලට සමාන

උපක්‍රම භාවිතා කරමින් මෙම

වසංගතයට සාර්ථකව මුහුණ දෙන

අයුරු අදවනවිට දැක ගැනීමට

හැක.

එමගින් කොවිඩ් රෝග ව්‍යාප්තිය

වැළැක්වීම මෙන්ම සාමාන්‍ය ජන

ජීවිතය පවත්වා ගනිමින් ආර්ථිකය

කළමනාකරණය කරගැනීම සඳහා

අවශ්‍ය ක්‍රමවේද සෞඛ්‍ය

අමාත්‍යාංශයටත්, ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ මහතාටත්

රටේ ආර්ථිකයට බලනොපාන

ලෙස කොවිඩ් වසංගතය පාලනය

කරන්නේ කෙසේද යන්න එමගින්

කරුණු පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය ධාරීතාව ඉක්මවා යන

තරමට කොවිඩ් වසංගතය ව්‍යාප්තවී

ඇති නිසා මේ අවස්ථාවේදී රට

වසා දැමීමට සිදුව ඇති අතර

මෙලෙස නැවත නැවතත් රට වසා

දැමීමට සිදුවුවහොත් එයින් සිදුවන

ආර්ථික බලපෑම සැලකිල්ලට

ගනිමින් ඉදිරියේදී කටයුතු කළ

යුතුය. එමෙන්ම මෙම කොවිඩ්

වසංගතයේ වඩාත්ම සංවේදී

කාරණය වන මරණ අඩුකර ගැනීම

සඳහා එන්නත් කරණ ක්‍රමෝපාය

සකසා ගත යුතු ආකාරය පෙන්වාදී

තිබේ.

කොවිඩ් එන්නත්කරණය ශ්‍රී

ලංකාවේ අවිධිමත්ව සිදුවන වට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ

න්‍යායන් සහ ශ්‍රී ලංකාවේ වසංගත

රෝග පිළිබඳ විශේෂඥ

වෛද්‍යවරුන්ගේ දායකත්වයද

ඇතුළත්ව වඩා ප්‍රායෝගික සහ

රටට ගැලපෙන ක්‍රමවේදයක් අප

විසින් සකසා දුන්හ. එහිදි වයස

අවුරුදු 60ට වැඩි වැඩිහිටිනයන්

එන්නත්කරණයන කිරීම තුලින්

සිදුවන මරණවලින් 90%ක්

වළක්වා ගන්නා ආකාරයද එහිදි අප

අවධාරණය කළහ.

නමුත් වසංගත රෝග විද්‍යා

ඒකකයේ විශේෂඥයින් දෙදෙනකු

මෙම ක්‍රමවේදය වෙනස් කරමින්

වයස අවුරුදු 30ත් 60ත් අතර

ජනතාවට එන්නත්කරණය ආරම්භ

කළහ. එහිදි එම ක්‍රමවේදය නිවැරැදි

නොවන බව ජනපතිට

පෙන්වාදුන්හ. එමෙන්ම වයස

අවුරුදු 60ට වැඩි කණ්ඩායමට

එන්නත්කරණය අතරතුර ඊට

සමාගාමීව වයස අවුරුදු 30-60

අතර කණ්ඩායමද නැවතත්

එන්නත්කරණය කිරීමට කටයුතු

කළ නිසා ප්‍රමුඛත්වය සහ වැඩි

අවධානයක් ලැබි යුතු වයස අවුරුදු

60ට වැඩි මිලියන 2.7වන කොටසේ

එන්නත්කරණය සම්පූර්ණ

කරගැනීමට අදවන තෙක්

අපොහොසත්වී තිබේ.

එහිදි අප පෙන්වා දුන් අකාරයටම

අදවනවිට වැඩි මරණ සංඛ්‍යාවක්

වාර්තා වනුයේ වයස අවුරුදු 60ට

වැඩි එන්නත්කරණය නොකළ

ජනතාව අතරය. හමුදාපතිවරයාද

එම කාරණය තහවුරු කරමින්

පසුගියදා මාධ්‍ය වෙත දැනුම්දී

තිබුණේ සිදුවන 60ට වැඩි වයස්

කාණ්ඩයේ මරණවිල්න සියයට

88%ක් පූර්ණ එන්නත්කරණය

සඳහා මෙතෙක් භාජනය නොවු අය

බවය.

තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ

සංගමය එන්නත්කරණ ක්‍රියාවලිය

සඳහා වෛද්‍ය නිලධාරි

යාන්ත්‍රණයට අමතරව රාජ්‍ය

රෝහල් පද්ධතිය එක්කරමින්

දිනකට ලබාදිය හැකි එන්නත්

ප්‍රමාණය වැඩිකරගන්නා

ක්‍රමවේදයක් ක්‍රමවේදයක්

යෝජනවා කළහ. නමුත් වසංගත

රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ

ප්‍රධානින් දෙදෙනෙක් සෞඛ්‍ය

අමාත්‍යාංශය සතු කාර්යක්ෂම

එන්නත්කරණ යාන්ත්‍රණය පිළිබඳ

විශ්වාසය නොතබමින් එන්නත්

මාත්‍රා විශාල ප්‍රමාණයක් යුද හමුදාව

වෙත නිකුත් කළහ.

බොහෝ අවස්ථාවල දිනකට

එන්නත් මාත්‍රා 2000ක් පමණ

අවශ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

කාර්යාලය සඳහා එන්නත්

මාත්‍රා 500ක් පමණක් ලබාදුන්

අවස්ථා අප වෙත වාර්තාවිය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

කාර්යාලවලට එන්නත් නිකුත්

කිරීමේදි සලකා බලන කිසිදු

තාක්ෂණීක න්‍යායක් සැළකිල්ලට

භාජනය නොකරමින් අසීමිත ලෙස

යුද හමුදා එන්නත්කරණ

මධ්‍යස්ථාන වෙත එන්නත් මාත්‍රා

ලබාදීම මගින් සෞඛ්‍ය පද්ධතිය

තුල ඇති එන්නත්කරණ ක්‍රියාවලිය

පිළිබඳ ජනතාවගේ විශ්වාසයද

පළුදු විය.

මේවනවිට මිලියන 2.7ක් වන

වයස අවුරුදු 60ට වැඩි

ජනතාවගේ සෞඛ්‍ය වෛද්‍ය

නිලධාරි කොට්ඨාශ අනුව පූර්ණ

සහ අර්ථ එන්නත්කරණයට

භාජනය කළ සංඛ්‍යා ලේඛන

වසංගත රෝග විද්‍යා ඒකකය වහාම

මාධ්‍ය වෙත ඉදිරිපත් කළ යුතුය.

වසය අවුරුදු 60ට වැඩිකාණ්ඩය

හැකි ඉක්මනින් එන්නත්කරණය

කර අවසන් කිරීම ඉතාමත් වැදගත්

බැවින් සියලු ජනතාවගෙන් අප

කාරුණිකව ආයාචනා කර

සිටින්නේ තම නිවසේ හෝ

අසල්වැසියෙකු මෙතෙක්

එන්නත්කරණයට භාජනය නොවු

වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයට

ඇතුළත්වේ නම් හැකි ඉක්මනින්

එන්නත්කරණය සඳහා ඔවුන්

යොමුකරන ලෙසයි. තවද

දුරකතන ඇමතුම් ලබාගන්නා විට

වසංගත රෝගයේ අවධානම

පැහැදිලි කරන පටිගත කළ වාදනය

මගින්ද වයස අවුරුදු 60ට වැඩි

ජනතාව එන්නත් කිරීමේ

වැදගත්කම පිළිබඳ ජනතාව

දැනුවත් කළ හැකිය.

මේ කරුණු පිළිබඳ අවධානය

යොමුකර එන්නත්කරණය සහ

වසංගත පාලනය සම්බන්ධව

නිවැරැදි තීන්දු තීරණ ගන්නා ලෙස

අප සංගමය වත්මන් සෞඛ්‍ය

ඇමැතිවරයාද ලිඛිතව දැනුවත් කර

තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments