මහනුවර වාර්ෂික ඇසළ පෙරහරට සම්බන්ධ දේවාලවල පෙරහර හමාර වන්නේ ගැටඹේ තොටට ගොස් දිය කපාගෙන ඒමෙන් අනතුරුව දවල් පෙරහර කිරීමෙනි. දිය කැපීම සිදු කරන ගැටඹේ තොට පිහිටා ඇත්තේ වර්තමානයේ මහවැලි ගඟ හරහා ගැටඹේ පාලම දමා ඇති ස්ථානයේ ය. අතීතයේ මෙතැන තිබී ඇත්තේ ඔරු පාරුවලින් එතෙර මෙතෙර විය යුතු තොටුපළකි.
මෙරට උතුම් සංස්කෘතික මංගල්‍යක් වන මහනුවර දළදා පෙරහැර අවසන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මහනුවර ජනාධිපති නිල නිවසේදී සවස දන්වා සිටියි.