26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPආර්ථික මධ්‍යස්ථානඅද (24) සහ හෙට (25) යන දෙදින තුළ විවෘතව තැබීමට රජය...

ආර්ථික මධ්‍යස්ථානඅද (24) සහ හෙට (25) යන දෙදින තුළ විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානඅද (24) සහ හෙට (25) යන දෙදින තුළ විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ තොග වෙළෙඳාම සඳහා පමණක් මෙම දින දෙක තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවය.

ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න අද සහ හෙට යන දෙදින තුළ ආර්ථික මධයස්ථාන වෙත රැගෙන ඒමට හැකියාව පවතින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳුන් සඳහා අද දිනයේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිසිම ජංගම වෙළෙන්දෙකුට මාර්ග අසල තබාගෙන වෙළෙඳාම් කිරීම තහනම් බවය.

තමන්ට නියමිත ප්‍රදේශයෙන් බැහැරව වෙළෙඳාම් කටයුතුවල යෙදෙනෙ වෙළෙඳුන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

වැඩි මිලට සහ අඩු බරට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් වැටලීම සඳහා පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments