26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedවර්තමානයේ අවධානම අපි නිවැරැදිව හඳුනාගනිමු.රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

වර්තමානයේ අවධානම අපි නිවැරැදිව හඳුනාගනිමු.රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

වර්තමානයේ ඇතිවි තිබෙන අවධානම නිවැරැදිව තේරුම් නොගෙන පස්වන රැල්ල හා ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම වැළැක්වීම නොහැකිවේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන එම සංගමය වැඩිදුරටත් කරුණු මෙසේ දන්වා සිටියි….
කොවිඩ් වසංගතයේ ආරම්භයේ තිබු වුහාන් ප්‍රභේදයට වඩා වරින් වර ඉස්මතුවු ඇල්ෆා ප්‍රභේදය සහ ඩෙල්ටා ප්‍රභේදය ආරම්භක ප්‍රභේදයට වඩා දරුණුවිය. ඒ අනුව අපට අනුමාන කළ හැක්කේ අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේද ඇතිවිය හැකි බවයි.

වුහාන් ආරම්භක කොවිඩ් ප්‍රභේදයේ RO අගය 2.3-2.7 අතරවිය. ඇල්ෆා ප්‍රභේදයේ ROඅගය 4-5ත් වු අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදයේ RO අගය 5-8ත් අතර වේ.

(RO අගය යනු රෝගය වැළඳුණු ඒක පුදගලයකුගෙන් දළ වශයෙන් තවත් නිරෝගි පුද්ගලයින් කී දෙනකුට වයිරසය පැතිරි රෝගය වැළඳේද යන්න පිළිබඳ විද්‍යාත්මක නිර්ණය කරන අගයකී. )

වූහාන් ප්‍රභේදයට වඩා ඇල්ෆා ප්‍රභේදය ද , ඉන්පසු ඩෙල්ටා ප්‍රභේදය ඇතිවීමත් සමග සිදුවන මරණ අනුපාතික ඉහල යෑමක් දැක ගැනීමට හැකිවිය.

එමෙන්ම එන්නත් සඳහා දක්වන ප්‍රතිරෝධය වයිරස් ප්‍රභේදයේ වෙනස් වීමත් සමග ඉහල යනු දැකගැනීමට හැකිවේ. එබැවින් අදවනවිට අප එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන රෝගිවු සහ මරණයට පත්වූවන් ගැන කතා කරන යුගයක් එළඹි ඇත.

මෙම වයිරස් ප්‍රභේද වල දරුණුවීමත් සමග පළමු රැල්ලට වඩා දරුණු දෙවන රැල්ලක්ද , දෙවන රැල්ලට වඩා පාලනයට අපහසුවු තුන්වන රැල්ලකට, ඊටත් වඩාදරුණුවු හතරවන රැල්ලකටත් අදවනවිට අපිට මුහුණ දීමට සිදුවි ඇත.

අප මෙම අවධානම නිවැරැදිව තේරුම් නොගෙන පස්වන රැල්ල හා ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම, වැළැක්වීම නොහැකිවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments