පාස්කු ප්‍රහාරය විමර්ශන කොමිෂන් සභාව නම් කොට නිර්දේශ ඉදිරිපත් කර ඇති ඇතැම් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෑතකදී මාධ්‍ය හමුවක කළ ප්‍රකාශයකින් හැඟි ගියේ ඔවුන් සිංහල බෞද්ධයන්වීම නිසා ඔවුන්ට පාස්කු ප්‍රහාරයේ වැරැදිකරුන් කිරීමට සැරසෙන බවකී.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදි සහ ආගම්වාදි තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්ව ඇති බව පෙනෙන්නට ඇත. එහෙයින් එම ප්‍රකාශය අපි තරයේ හෙළා දකිමු යැයි පාස්කු ඉරුදින ප්‍රහාරයි පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණි පියතුමා ඇතුළු තවත් අත්සන් කිහිපයකින් යුත් ප්‍රකාශයකින් දන්වා සිටියි.
එවැනි අන්තවාදි ප්‍රකාශ හමුවේ නොසැළි පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු දේශපාලන බලපෑම් වලින් තොරව සාධාරණව සහ විනිවිද භාවයෙන් යුතුව සිදුකරන ලෙස අදාල බලධාරීන්ගෙන් අපි අවධාරණයෙන් ඉල්ලා සිටිමු.