පෞද්ගලික අංශයේ ජාතික අවම වේතනය රුපියල් දහසයදහසක් විය යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
පෞද්ගලික අංශයේ අවම වේතන පනතට අදාල 2021අංක 16දරණ සංශෝධන පීළිබඳ සේවායෝජකයින් වෙත නිවේදනයක් කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.
2016 අංක 03 දරණ ජාතික අවම වේතන පනතේ 3.1 වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව යම් කර්මාන්තයක හෝ සේවාවක නියුක්ත සියලුම සේවකයින් සඳහා ගෙවිය යුතු ජාතික අවම වේතනය මාසිකව රුපියල් දසදහසක්වු අතර එය දෛනිකව රුපියල් හාරසීයක්වීය.
ජාතික අවම වේතනය (16) සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව රුපියල් 12.500ක්ද එය දෛනිකව රුපියල් 500ක් ලෙස සංශෝධනය කර ඉකුත්(20) ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත්‍රයේ දෙවන කොටසේ අතිරේකය පළ කෙරිණි.
ජාතික අවම වේතනයට 2005 අංක 36 දරණ අයවැය සහන දීමනාව සහ 2016 අංක 04 දරණ අයවැය සහන දීමනාව ඇතුළත් විය යුතු අතර වැටුප ගණනය කළ යුතු අකාරය පිළිබඳවද වගුවක්ද ඉදිරිපත් කර තිබෙන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.