නිරෝධායන ඇඳිරිනීතිය
ක්‍රියාත්මකවු (21) සිට මේ දක්වා
කාලය තුල ශ්‍රී ලංකා රේගුව තම
සේවාවන් සාමාන්‍ය පරිදි
පවත්වාගෙන යෑමට සමත්වී ඇති
බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ
කර සිටියි.
ඒ අනුව පසුගිය දින හත තුල
සිදුකරන ලද සියලුම ආනයන සහ
අපනයන සාමාන්‍ය පරිදි
නිෂ්කාශනය කිරීම සහ අනුමත
කිරීම සිදු කරන ලදි. විශේෂයෙන්ම
මෙම කාලය තුලදී ශ්‍රි ලංකා
රේගුවේ අපනයන පහසුකම්
මධ්‍යස්ථානය පැය විසිහතර පුරාම
පවත්වා ගනිමින් මෙරටින් නැව්
මගින් සිදුකරන ලද සියලු අපනයන
කිසිදු ප්‍රමාදයකින් තොරව අනුමත
කරනලදි. තවද මෙම කාලය තුල
දේශීය පරිභෝජන සඳහා
ආනයනය කරන ලද සියලු
අත්‍යාවශ්‍ය ආහාර, බෙහෙත් සහ
වෛද්‍ය උපකරණ වැනි ද්‍රව්‍ය
දේශීය වෙළෙඳපොළට කඩිනමින්
නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුව
කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ ස්වයංක්‍රීය දත්ත
රේගු දත්ත ගබඩාවේ සටහන්වු
දත්ත අනුව මෙම මස 14 සිට
20 දක්වා දක්වා නිරෝධායන
ඇඳිරි නීතිය නොපැවැතී දින 7ක
කාලය තුල රුපියල් බිලියන
54.25වටිනා පූර්ණ දේශීය
නිෂ්පාදන සහ ආයෝජන
මණ්ඬලය යටතේ ක්‍රියාත්මක
කර්මාන්ත සිදුකරන ලද අපනයන
ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කර
ඇති අතර මෙම 21 සිට 27
දක්වා නිරෝධායන ඇඳිරි නීතිය
පැවැති දින 7ක කාලය තුල
රුපියල් බිලියන 49.24ක
වටිනා පූර්ණ දේශීය නිෂ්පාදන සහ
ආයෝජන සහ මණ්ඬලය යටකේ
ක්‍රියාත්මක කර්මාන්ත විසින්
සිදුකරන ලද අපනයනශ්‍රී ලංකා
රේගුව අනුමත කර ඇත. තවද මෙම
මස 14සිට 20 දින දක්වා
නිරෝධායන ඇඳිරිනීතිය
නොපැවැති දින 7ක කාලය තුල
රුපියල් බිලියන 9.02ක්
ආනයන බදු වශයෙන් ශ්‍රී
ලංකාරේගුව විසින් එකතු කර ඇති
අතර මෙම මස 21 දින සිට 27
දක්වා නිරෝධායන ඇඳිරි නීතිය
පැවැති දින 7ක කාලය තුල
රුපියල් බිලියන 7.45ක්
ආනයන බදු වශයෙන් ශ්‍රී ලංකා
රේගුව එකතු කර ඇත.
ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය
පැවැති පසුගිය දින හත තුල සහ
නිරෝධායන ඇඳිරි නීතිය
නොපැවැති ඊට පෙර සතියේ දින
හත තුල ස්වයංක්‍රීය රේගු දත්ත
ගබඩාවේ සටහන්වු දත්ත
විශ්ලේෂණයේදී විශේෂයෙන්
නිරෝධායන ඇඳිරි නීතිය පැවැති
පසුගිය දිනහත තුලදී දිනක
සාමාන්‍ය අපනයන වටිනාකමෙන්
(Averagre daily
export value)
90%කට වඩා වැඩි අපනයන
වටිනාකමක් ඇති අපනයන ශ්‍රී
ලංකා රේගුව අනුමත කර ඇති
බවත් මෙම කාලය තුල ශ්‍රී ලංකා
රේගුව විසින් දිනකදී එකතු කරන
සාමාන්‍ය ආනයන බදු ආදායමෙන්
(Averagre daily
IMport tax
income)82%කට වඩා
වැඩියෙන් එකතු කර ඇති බවත්
ඉහත දත්ත අනුව පෙනී යයි.
මෙරට දැනට පවතින වසංගත
තත්ත්වය මගින් ශ්‍රී ලංකා රේගුවෙ
නිලධාරීන් හට සැලකීය යුතු
බලපෑමක් කර ඇතත් රටේ
ආර්ථිකය ස්ථායිතාව ආරක්ෂා කර
ගැනීමේ අරමුණින් සෞඛ්‍ය
උපදෙස් දැඩිව අනුගමනය
කරමින් රේගු සේවාවන් සාමාන්‍ය
පරිදි පවත්වා ගෙන යෑමට රේගු
අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර්
ජනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රමුඛ
සියලු රේගු නිලධාරීන් විසින්
කටයුතු කරනු ඇත.