21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසපුගස්කන්ද නිවසක සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කුඩුජාවාරමක් එස්.ටී.එෆ්. සොයාගනී.

සපුගස්කන්ද නිවසක සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කුඩුජාවාරමක් එස්.ටී.එෆ්. සොයාගනී.

සපුගස් කන්ද පොලිස් වසමේ මාකොල මාකොළ උතුර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී නිවසක සූක්ෂම අයුරින් සඟවා තිබූ හෙරොයින් g 40.15grm ක්ද.මුදලින් රුපියල් 87750.00ක්ද නවීන පන්නයේ මෝටර් රථයක් ද වයස අවුරුදු 42 ක එක් සැකකාරියක් සහ වයස අවුරුදු දහ නමයක සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත .ඉතා සූක්ෂම ලෙස මෙම හෙරොයින් ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති අතර නීතියේ ඇසට වැලි ගසමින් බොහෝ කලක් මොවුන් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇත . වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

මෙම වැටලීමපොලිස් විශේෂ කාර්ය බලකායේ බලකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකා මූලස්ථාන ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝයි සුමන වර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි මූළස්ථාන අරුණ කටුගම්පල මහතාගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර කුලසේකර මහතාගේ නායකත්වයෙන් යුතුව පොලිස් පරීක්ෂක පීරිස් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකර තිබේ.

මීට අමතරව විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයෙ නිලධාරීන් කණ්ඩායමක් හෙරොයින් ජාවාරම් කිරීම හා ළඟ තබාගෙන සිටින පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

විශේෂ කාර්ය බලකාය ශාස්ත්‍රවෙල හා ලාහුගන කඳවුරු ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී නීති විරෝධිව මුවමස් ළඟතබාගත් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පානම වනජීවි කාර්යාලය වෙත භාරදී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments