21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපුරා විද්‍යාකැණිමකට සූදානම්වු පිරිසක් එස්.ටී.එෆ්.දැලට හසුවේ.

පුරා විද්‍යාකැණිමකට සූදානම්වු පිරිසක් එස්.ටී.එෆ්.දැලට හසුවේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මින්නේරිය පොලිස් වසමේදී බලපත්‍ර නොමැතිව හබරණ රක්ෂිතයට ඇතුළුවී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි හා දේශීය නිෂ්පාදිත කොටන තුවක්කුවක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් හත්දෙනකුද සමග අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව පූගොඩ කඳවුරේ නිලධාරීන් එම පොලිස් වසමේදී හෙරොයින් මිලිග්‍රෑම් 730ක් සොයාගෙන තිබේ. එමෙන්ම මට්ටක්කුලිය පොලිස් වසමේදී නීති විරෝධි කේරළ ගංජා ග්‍රෑම් 23ක් හා pregab 150mgවර්ගයේ මත්පෙති හැටක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කඳාන පොලිස් වසමේදී නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 101,250ක් සහා ගෝඩා මිලි ලීටර් 2,700,000ක් සොයාගෙන ඇත. මේ අතර මිනුවන්ගොඩ පොලිස් වසමේදී නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 48,750ක්, කඳාන පොලිස් වසමෙන් නීති විරෝධි මත්පැන් මිලි ලිටර් 720,000ක් ළඟ අයකු අත් අඩංගුවට ගෙන තිබේ. කැලණීය පොලිස් වසමේ අයිස් ග්‍රෑම් අටයි මිලි ග්‍රෑම් පන්සීයක් අල්ලා ගැනීමට සහ ගල්කිරීයාගම පොලිස් වසමේදී, ලියාපදිංචි නොකර වී කිලෝ 150,000 ගබඩාවක් පවත්වාගෙන අයකු එම භාණ්ඩ සමග සොයාගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments