29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPසහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත්කර...

සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත්කර තිබේ.

සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත්කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් අද (02) දිනයේ සිට බලැපැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදන නිකුත්කර තිබුණි.

ඒ අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 වන අතර සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වේ.

එමෙන්ම පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125කි.

දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි  කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් වේ.

මේ අතර සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක්,  සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් මෙම ගැසට් නිවේදනයෙන් නියම කර තිබේ.

කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක්ද නියමකර ඇති බව එහි දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments