අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්ගේ හදිසි නීති ගැසට්ටුව මගින් ජනතාවට සහල් හා සීනි සහන මිලට වගේම ජනතාව ගසා කන කූඨ වෙළෙඳුන්ට දඩ වැඩිවේ.
විශේෂයෙන් සුදු සීනි කිලෝ එකක් ආනයනකරුවන් විසින් තොග වෙළෙඳුන්ට ලබාදිය යුතු මිලවන්නේ රුපියල් 116යි. ඒ අනුව තොග වෙළෙන්දා අරගෙන අවසානයේ පාරිභෝගිකයාට සුදු සීනි කිලෝ එකක් අද (03) සිට රුපියල් 122ට සමූපකාර සතොස පමණක් නොවේ සෑම වෙළෙඳ සැලකින්ම ලබාගත හැකියි. දුඹුරු හා රතු සීනි කිලෝ එකක් උපරිම සිල්ලර මිල විකුණන්න පුළුවන් වන්නේ රුපියල් 125යි. ඒ අනුව සුදුසීනි පැකට් කළ කිලෝ එකක් රුපියල් 125යි. පැකට් කළ දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 128යි.
එමෙන්ම සහල් පිළිබඳ කීරි සම්බා කිලෝ එකක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 125යි, ඒ වගේම සුදුරතු සම්බා කිලෝ එකක් රුපියල් 103යි, සුදුරතු නාඩු කිලෝ එකක් රුපියල් 98යි, සුදුරතු කැකුළු සහල් කිලෝ එකක් රුපියල් 95යි,විට කිලෝ දහයේ හා පහේ වශයෙන් පැකට් කළත් මිලෙහි වෙනසක් නැති අතර කීරි සම්බා කිලෝ දහයේ පැකට්ටුවක් රුපියල්1250 වඩා වැඩිමිලකට විකුණන්න බැහැ. ඒ අනුව අද සිට වෙළෙඳපොළ යථාතත්ත්වයට පත්වෙයි කියන බලාපොරොත්තුවක් තමයි අපේ තිබෙන්නේ.
මේ මිල ගණන්වලට වැඩියෙන් කව්රු හෝ අලෙවි කරනවා නම් පාරිභෝගික අධිකාරියේ සෘජු අංකයට1977ට කතා කර දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ලබන අඟහරුවාදා විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරියේ දැනට තිබෙන නීති අනුව පාලන මිලක් පැනවූවායින් පසු එම මිලට වැඩිය සමාගමක් , සුපිරි වෙළෙඳසැලක් වෙනත් අලෙවිසැලක් වෙන්න පුළුවන් මේ ඕනෑම තැනකින් සීනි සහ සහල් අලෙවි කළොත් පාරිභෝගික අධිකාරිය වටලීම් කරලා ඒ දඩමුදල් අනිවාර්යෙන්ම අය කිරීමට කටයුතු කරනවා. පාලන මිලට වැඩිය අලෙවි කරන ස්ථාන ඇතොත් මාධ්‍යයෙන් , පාරිභෝගික සංගම් හා ජනතාවගෙන් ඉල්ලනවා අපිට දැනුම් දෙන්න කියලා.
ලබන අඟහරුවාදා 2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරි සමස්ත පනතේ වගන්ති 72ක් සංශෝධන කරනවා. ඒ අනුව තනි පුද්ගලයෙක් පාලන මිලට වඩා වැඩියෙන් කඩයක සුපිර වෙළෙඳසැලේ පළමු වතාවට විකුණුවොත් එය පාරිභෝගික අධිකාරියට හසුවුවහොත් තිබුණු දඩය අවමය රුපියල් දහසේ සිට රුපියල් දසදහස දක්වායි. මෙය නව සංශෝධන යටතේ රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා නව දඩමුදල වැඩිකර තිබෙනවා. ඒ වගේම දෙවන වතාවට වැඩිමිලට විකුණා හසුවුණොත් තිබු දඩය රුපියල් දෙදහේ සිට විසිදහස දක්වායි එම මුදල නව සංශෝධන යටතේ රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩිකර තිබේ. ඒ අනුව මහෙස්ත්‍රාත්වරයෙකුට පුළුවන් කමක් තිබෙනවා මෙම දඬුවමත් පනවලා ඊට අමතරව මාස හයකට නොඅඩු සිරදඬුවමක් ලබාදෙන්න නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. 1998 වසරේදී මීගමුව අධිකරණයේදී මාස තුනක සිරදඬුවමක් පාරිභෝගික අධිකරිය ඉදිරිපත් කළ නඩුවකට තීන්දුවක් ලබාදී තිබෙනවා.
ව්‍යාපාරිකයින් තලා පෙලන්න නොවේ අපි මේ කටයුතු සිදුකරන්නේ. සුළු පිරිසක් කරන අයහපත් වැඩවලට එරෙහිව තමයි අපි මේ කාර්යභාර්ය කරන්නේ.