21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාවෛද්‍ය වසන් රත්නසිංහම්, වෛද්‍ය සමන්ත ආනන්ද, වෛද්‍ය නවීන් සොයිසා හා වෛද්‍ය සෙනාල්...

වෛද්‍ය වසන් රත්නසිංහම්, වෛද්‍ය සමන්ත ආනන්ද, වෛද්‍ය නවීන් සොයිසා හා වෛද්‍ය සෙනාල් විස්තර කරති.

1.COVID – 19 එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා…

  1. සීමිතව ප්‍රමාණවලින් ලැබෙන Pfizer එන්නත, පාසල් දරුවන්ට වඩාත් යෝග්‍ය වන්නේ ඇයි?
    111.කොවිඩ් එන්නත්කරණය නිවැරදි මගට ගැනීමට කළ යුතු දේ……
    iv.ඔබ මෙතෙක් COVID-19 එන්නත ලබාගෙන නොමැතිනම් හැකි ඉක්මනින් එන්නත ලබාගත යුත්තේ ඇයි?

*COVID – 19 එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා…
COVID – 19 එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ යෝජනාවකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එන්නත්කරණ ක්‍රියාවලියට සමගාමිව රෝහල් පද්ධතිය අනුබද්ධ කිරීම අනුමත කරන ලදි. එමගින් දෛනිකව එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක සීමාව ඉක්මවා ලබා දිය හැකි බව ක්‍රියාවෙන් අප සනාථ කර ඇත.

සෞඛ්‍ය අංශයෙන් ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත්‍රා ප්‍රමාණවත් ලෙස නිකුත් කිරීම වසංගත රෝග විද්‍යා අංශය වෙත පැවරෙන වගකීමකි. නමුත් වසංගත රෝග විද්‍යා අංශය මගින් රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත එන්නත් මාත්‍රා සුලු ප්‍රමාණයක් ලබා දීම සිදු කරයි. එමගින් සෞඛ්‍ය අංශයේ එන්නත්කරණ මධ්‍යස්ථාන මධ්‍යස්ථාන වල අධික තදබදයක් ඇති වී ඇත. එසේ වෙන් කරනු ලැබු එන්නත් මාත්‍රා ප්‍රමාණවත් නොවීම මත එන්නත නොලබා එම මධ්‍යස්ථාන වලින් පිටව යෑමට සිදු වන මහජනතාවගේ දෝෂාරෝපණයද සෞඛ්‍ය අංශය මත පැටවී ඇත.

නමුත් හමුදාව වෙත වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා කිසිදු හිගතාවයකින් තොරව අඛණ්ඩව එන්නත් මාත්‍රා නිකුත් කිරීම සිදු කරයි. එමෙන්ම ෆයිසර් එන්නත් මාත්‍රා හමුදාව මගින් පමණක් ලබා දීමටද, විද්‍යාත්මකව සැකසු එන්නත්කරණ ක්‍රමවේදයෙන් පරිබාහිරව (Vaccine Strategy) තෝරා ගත් ප්‍රදේශ වල විවිධ වයස් කාණ්ඩ වලට (වයස අවුරුදු 20 -30) එන්නත් ලබා දීමටද කටයුතු කරන බවක් පෙනි ගොස් ඇත.

මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව දක්නට ලැ‌බේ. මීට ප්‍රධානතම හේතුව වන්නේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් නිකුත් කිරීම සම්බන්ධ කටයුතු කරන විශේසඥ වෛද්‍යවරුන් දෙදෙනා වෙත දක්වන අසාමාන්‍ය ලැදියාවත්, විද්‍යාත්මක නොවන අක්‍රමවත් තීරණ ක්‍රියාත්මක කිරීම සදහා සිදු කරන බලපෑම බවත් පෙනි යයි.

මේ පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යතුමන්ද දැනුවත් කළේය.
ලෝකයේ කීර්තිමත් පිළිගැනිමක් සහිත අපගේ සෞඛ්‍ය සේවාවත්, එන්නත්කරණ වැඩසටහනත්, සමස්ථ සෞඛ්‍ය පද්ධතියත් අපකීර්තියට පත් කරමින්, ජනතාව අපහසුතාවයට හා අවදානමට පත් කරන මේ ක්‍රියාවලිය පිළිබදව අපගේ බලවත් අප්‍රසාදය පල කර සිටිමු.

  • සීමිතව ප්‍රමාණවලින් ලැබෙන Pfizer එන්නත, පාසල් දරුවන්ට වඩාත් යෝග්‍ය වන්නේ ඇයි? කොවිඩ් එන්නත්කරණය නිවැරදි මගට ගැනීමට කළ යුතු දේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලු දිස්ත්‍රික් ශාඛා සංගම්වලින් ලබාගත් දත්ත අනුව මේ වන විට ශ්‍රී ලංකාව පුරා වයස අවුරුදු 60ට වැඩි එක් එන්නතක්වත් ලබා නොගත් ලක්ෂ තුනකට ආසන්න වැඩිහිටි ජනතාවක් සිටින අතර වයස අවුරුදු 60ට වැඩි එක් එන්නතක් වත් ලබා නොගත් කාණ්ඩය පූර්ණ එන්නත්කරණයට භාජනය කිරිම සඳහා තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක පමණ ප්‍රමාණයක් අවශ්‍යතාවේ.

අර්ධ වශයෙන් එන්නත්කරණයට භාජනය වූ වයස අවුරුදු 60 ට වැඩි ජනතාව පිළිබඳ නිසි දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය ලබා දීමට මෙතෙක් අපොහොසත් වී ඇති අතර වයස අවුරුදු 60ට වැඩි මරණ අඩු කර ගැනීමට නම් එම සියලු දෙනාද පූර්ණ එන්නත්කරණය භාජනය කළ යුතුය. නැතහොත්, තවදුරටත් මෙම එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ නොකල 60ට වැඩි වැඩිහිටි ජනතාව කොවිඩ් මරණ සඳහා ගොදුරු වීම වැලැක්විය නොහැක.

මෙතෙක් වසංගත රෝග විද්‍යා අංශය එන්නත්කරණයට භාජනය නොවූ වයස අවුරුදු 60 ට වැඩි මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමේ චේතනාවෙන් දියත් කළ වැඩසටහනක් ක්‍රියාත්මක වනු දැකගැනීමට නොහැකි වීම ඉතාම අවාසනාවන්ත කාරණයකි.

එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් වයස අවුරුදු 60 ට වැඩි සියලු වැඩිහිටියන් එන්නත්කරණය කර දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට කටයුතු කරන ලෙසය.

*කොවිඩ් එන්නත්කරණය නිවැරදි මගට ගැනීමට කළ යුතු දේ……

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දිනය දක්වා ළමා හදිසි ප්‍රතිකාර ඒකක වෙත වාර්තා වු COVID ආසාදිත අසාධ්‍යවු දරුවන්ගේ සහ පසුගිය කාලය තුළ කොවිඩ් ආසාදනය වී හදිසි ප්‍රතිකාර එකක තුළ මරණයට පත්වූ දත්ත නිලනොවන වශයෙන් එක්රැස් කරන ලදී. ඒ අනුව ඉහත දත්ත අප හට එක්රැස් කරගැනීමට හැකි විය.

ඉතාමත් සංවේදී කාරණයක් වන දරුවන්ගේ මරණ වලක්වා ගැනීමට මේ මොහොතේ ඇති හොඳම විසඳුම වනුයේ Pfizer එන්නත, වයස අවුරුදු 20-30 කාණ්ඩයට නාස්ති නොකර, වයස අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩයට ලබාදීමට කටයුතු කිරීමයි.

මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වයස අවුරුදු 12ට වැඩි පාසැල් දරුවන් සඳහා ලබාදීමට අනුමැතිය ලබාදී ඇති එකම එන්නත් වර්ගය Pfizer එන්නතයි.

තවද, වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා Sinopharm එන්නත ලබාදිය හැක.

  • ඔබ මෙතෙක් COVID-19 එන්නත ලබාගෙන නොමැතිනම් හැකි ඉක්මනින් එන්නත ලබාගත යුත්තේ ඇයි?

කෝවිඩ් වසංගතය නිසා (02) දක්වා සිදු වූ මරණ අධ්‍යයනය කර බැලීමේදී පෙනී යන කාරණයක් නම්, ඊයේ දිනයේ දක්වා වාර්තා වූ මුලු මරණ වලින් එක් එන්නතක් වත් ලබා නොගත් 7587ක් මරණයට පත්වී ඇති අතර එය සිදුවූ සියළු මරණවලින් 80.7%ක් වේ.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය අතුරින් මරණ 388ක් මාර්ණ වාර්තා වන අතර එය මුළු මරණ සංඛ්‍යාවෙන් 4.1% පමණ වේ.

මෙම සරල දත්තය අධ්‍යයනය කරන ඕනෑම අයකුට එන්නත්කරණයේ වැදගත්කම පැහැදිලි වේ.

තවමත් ඔබගේ වයස අවුරුදු 60ට වැඩි දෙමාපියන් වැඩිහිටියන් හෝ ඥාතීන් එන්නත් ලබාගෙන නොමැති නම් COVID එන්නත ලබා ගැනීම සඳහා ඔවුන් උනන්දු කරන්න.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දිනය දක්වා ළමා හදිසි ප්‍රතිකාර ඒකක වෙත වාර්තා වු COVID ආසාදිත අසාධ්‍යවු දරුවන්ගේ සහ පසුගිය කාලය තුළ කොවිඩ් ආසාදනය වී හදිසි ප්‍රතිකාර එකක තුළ මරණයට පත්වූ දත්ත නිලනොවන වශයෙන් එක්රැස් කරන ලදී. ඒ අනුව ඉහත දත්ත අප හට එක්රැස් කරගැනීමට හැකි විය.

ඉතාමත් සංවේදී කාරණයක් වන දරුවන්ගේ මරණ වලක්වා ගැනීමට මේ මොහොතේ ඇති හොඳම විසඳුම වනුයේ Pfizer එන්නත, වයස අවුරුදු 20-30 කාණ්ඩයට නාස්ති නොකර, වයස අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩයට ලබාදීමට කටයුතු කිරීමයි.

මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වයස අවුරුදු 12ට වැඩි පාසැල් දරුවන් සඳහා ලබාදීමට අනුමැතිය ලබාදී ඇති එකම එන්නත් වර්ගය Pfizer එන්නතයි.

තවද, වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා Sinopharm එන්නත ලබාදිය හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments