කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (03) දින ද එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.
අද (සැප්තැම්බර් 03) දින යුද්ධ හමුදා රෝහල නාරාහේන්පිට, විහාරමහාදේවී උද්‍යාන එළිමහන් රංගපීඨ පරිශ්‍රය සහ දියත උයන පරිශ්‍රය යන ස්ථානයන්හි ක්‍රියාත්මක වන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයන්හි වසය අවුරුදු 30 වැඩි පුද්ගලයින් හට එන්නත්කරණ මාත්‍රාව ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.