ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මිලියනයකට වඩා වටිනාකමකින් යුත් ඔක්ෂි මීටර් 250 ක් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හට පසුගිය ඉකුත් (02 ) පරිත්‍යාගය ලබාදුන්නේය.
වෛද්‍යවරුන්ගේ සෘජු අධික්‍ෂණය යටතේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින රෝගීන් කළමණාකරණය වන අතර, ඔවුන්ගේ නිවෙස්වලට ගොස් එම ඔක්ෂි මීටර් පසුගිය සිකුරාදා ( 03) බෙදා දෙන ලදි. ඒ අතුරින් ඔක්ෂි මීටර් 50 ක් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල නිවෙස්ගතව ප්‍රතිකාර ලබන පවුල් සඳහා යුද්ධ හමුදාව පරිත්‍යාග කළ අයුරු මෙහි දැක්වේ.