ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ඇඳන් 10000 සංකල්පය යථාර්තයක් බවට පත් කරමින් කොරෝනා රෝගීන් සඳහා මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ ඉදිකළ කොවිඩ් රෝහල සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු සභාපති ප්‍රදීප් උඳුගොඩ මහතා සහ කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වීවෘත කෙරිණි.
ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත ලැබුණු රුපියල් මිලිය පහළොවක මුදලින් නව රෝහල ඉදිකිරීම ආරම්භ කර ඇති අතර ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරංග බස්නායක මහතා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ඇඳන් 10000 සංකල්පය යටතේ රෝහල් වාට්ටු සංකීර්ණයට ඇඳන් 500ක් පිරිනමා ඇත. එමෙන්ම කොළඹ දිස්ත්‍රික් දිසාපති ප්‍රදීප් යසරත්න මහතා මෙට්ට 500ක් පිරිනමා ඇත. ඒ අතර කොළඹ ටොරින්ටන් පරීශ්‍රයේ ඇවිදින සංගයේ මුදලක් පරිත්‍යාග කර ඇති අතර මෙම රෝහලේ කොවිඩ් රෝගීන් 500 දෙනකුට නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකිය.
දිගුකළක් වැඩ අවසන්නොවු මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය අන්ද්‍රානි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරි මහත්ම මහත්මීන් මෙන්ම කොලොන්නාව ප්‍රාදේශී්‍ය ලේකම් ඇතුළු යුද හමුදා නිලධාරීන් දැඩි වෙහෙසක් දරා ඇත.
මෙම රෝහල් පරීශ්‍රයේ වෛද්‍යවරුන්ගේ විවේකාගාර්ය,හෙදියන්ගේ විවේකාගාරය, මෙන්ම සුළු සේවක විවේකාගාරය සෑදීම සඳහා රුපියල් ලක්ෂ 8ක් පමණ වැයවී ඇති අතර ඒ වෙනුවෙන් සෞඛ්‍යඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්ද්‍රගුප්ත මහතාගේ, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා හා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් යන මහත්වරුන්ගේ දායකත්වය ලබාදී තිබේ.
මීටඅමතරව කොළඹ රොටරි සමාජයේ සභාපති අරුණ ආර්, මලලසේකර සහතා සහා වෛද්‍ය තුෂාර මහතා මෙන්ම කොළඹ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි ධම්මික මහතා ඇතුළු කාර්ය මණ්ඬලය මෙහි ඉදිකිරීම්වලට සහයෝගය ලබාදී තිබේ.
කොළඹ ජාතික රෝහලේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය මත මෙහි සියලු කාර්යන් සිදුවන අතර මෙම ව්‍යාපෘතිය වෛද්‍ය තුෂාර මැටිවලගේ මහතා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණ ලේකම් මෙන්ම කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති මහින්ද සෙනරත් බණ්ඩාර මහතාගේ නිරීක්ෂණය හා පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකර තිබේ.