21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPනීති විරෝධිව ගෙනා වියලි කහ කිලෝ 1026 ක තොගයක් සමග 04ක්...

නීති විරෝධිව ගෙනා වියලි කහ කිලෝ 1026 ක තොගයක් සමග 04ක් මාට්ටු.

නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 1026 ක පමණ තොගයක් සමග සැකකරුන් 04ක් කල්පිටියේදී නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් කල්පිටිය ඒත්තාලේ ප්‍රදේශයේ අද අළුයම (05) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක්‍  මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 1026 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා විජය ආයතනය මඟීන් අද අළුයම (05) කල්පිටිය එත්තාලේ වෙරළ තීරයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම වෙරළ තීරයට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රා තුල නීතී විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කරන ලද උර 31ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1026ක පමණ තොගයක් සොයා ගන්නා ලද අතර, එම වියළි කහ තොගය සමඟ ඩිංගි යාත්‍රා දෙක (02) සහ සැකකරුවන් සිව් දෙනෙකු (04) එහිදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට  ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ත් 41ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් සහ වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments