පොලිස් විශේෂ කාර්යබලකාය සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසරයෙන් ගබඩා කර තිබු පොහොර තොග, නීති විරෝධි මත්පැන් හා වැලිජාවාරමුන් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව වාකරේ කඳවුරේ අණදෙන නිලධාරී පො.ප. බී.යූ.එස්. විජේසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) රජයේ සහනාධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වී වගාව සඳහා ගොවින්ට නොමිලේ ලබාදෙනු ලබන කිලෝ ග්‍රෑමි 50 බැගින් වූ පොහොර මිටි 169 ක් කදිරවේලී හා වාකරේ යන ප්‍රදේශයන්හී නිවෙස් තුල ගොවීන්ට අලෙවි කිරීම සඳහා ගබඩා කර තබාගෙන සිටි අවු. 32, 45, 49, 53 යන වයස් වල පසුවන පුද්ගලයන් සිවි දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනය කර 1982 අංක 12 දරණ පොදු දේපල පනත යටතේ නඩු පැවරීම සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කටුනායක පොලිස් වසමේ රද්දොළුව ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 101ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට ඉදිරිපත් කර ඇත. මාම්පූරිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නීති විරෝධි මත්පැන් ලීටර් 75ක්, නීති විරෝධි මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලිටර් 200ක්, ගෑස් සිලින්ඩර් 2ක්, ගෑස් ලිපක්, බැරල් දෙකක් සහා තඹ දඟරයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට බාරදී තිබේ.
මීට අමතරව වාලච්චේන පොලිස් වසමේ වාකනේරි ප්‍රදේශයේ වැටලීමක් සිදුකර බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කර ටිපර් රථයකින් වැලිප්‍රවහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙනතිබේ.
එමෙන්ම බලපත්‍ර නොමාතිව ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවහනය කරමින් සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන මුල්ලියාවේලි පොලිස් ස්ථානයට භාරදී තිබේ.තණමල්විලදී ගංජා හේනක් වටදා පැළ 1950ක්ද උළුක්කුලම පොලිස් වසමේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබේ.