21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකානාවික පුද්ගලයන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් වැලිසර නාවික සංකීර්ණයේදී

නාවික පුද්ගලයන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් වැලිසර නාවික සංකීර්ණයේදී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ  උපදෙස් මත බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් 2021 සැපතැම්බර් මස 04වන දින වැලිසර නාවික සංකීර්ණයේ නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

පවත්නා වසංගත තත්ත්වය හමුවේ සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ලේ බැංකුවේ  පවතින රුධිර සංචිත නිසි ලෙස පවත්වාගැනීම සඳහා දායකත්වය ලබාදෙනමෙන් එම ලේ බැංකුවේ අධ්‍යක්‍ෂක විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති ගේ  උපදෙස් මත බටහිර නාවික විධානයේ ආඥාපතිගේ මඟ පෙන්වීම යටතේ 2021 සැප්තැම්බර් මස 04වන දින මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කරන ලදි. 

මෙහිදී ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා මෙම උතුම් සත්කාර්යය  සාර්ථක කර ගැනීම වෙනුවෙන් වැලිසර, නාවික සංකීර්ණයේ සහ ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ නාවික පුද්ගලයින් රැසක් ස්වේච්ඡාවෙන් ලේ දන්දීම සඳහා දායක විය. 

තවද, මෙම වැඩසටහන සාර්ථකව කර ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ලේ බැංකු කාර්ය මණ්ඩලය සහ නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය පූර්ණ දායකත්වය ලබා දුන් අතර, ඉදිරියේදී ද රටේ පවතින ජාතික අවශ්‍යතාවන් හඳුනාගනිමින් උපරිම දායකත්වය  ලබා දීම සඳහා නාවික හමුදාව  සූදානමින් සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments