26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා… වාද නැති බේද නැති ලස්සන ලොව...

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා… වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපිට උදාවේවා අපිව දාලා ගිය සුනිල් පෙරේරා ගායකයාගේ ප්‍රාර්ථනය එයයි.

කුරුමිට්ටෝ ගීතයෙන් මෙරට සංගීත ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කළ ප්‍රවීන ගායකයෙක් සහ සංගීතඥයෙක් වූ සුනිල් පෙරේරා මහතා (06) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී

අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතා 68 වැනි වියේ පසුවිණි. ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා… වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපිට උදාවේවා ඔහුගේ ප්‍රාර්ථිනය විය.

මීට සති කිහිපයක පෙර කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීය.

ඉන් සුවය ලැබූ ඒ මහතා සිය නිවෙසට ගොස් තිබූ අතර මීට දින කිහිපයකට පෙර ඒ මහතාට නැවතත් අසනීප වී තිබුණි.

ඒ අනුව, නැවතත් ප්‍රතිකාර සඳහා ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර ඔහු අභාවප්‍රාප්ත වී තිබුණේ එසේ ප්‍රතිකාර ලබමින් සිටින අතරය.

1952 වසරේදී උපත ලැබූ සුනිල් පෙරේරා මහතාගේ පවුලේ සහෝදර සහෝදරියන් 10 දෙනෙකුගෙන් සමන්විත විය.

ඔහුගේ පියා විසින් ආරම්භ කළ සංගීත කණ්ඩායමට සිය දායකත්වය ලබාදෙමින් ඔහු සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වී තිබුණි.

ජිප්සීස් සංගීත කණ්ඩායම මෙරට පමණක් නොව විදෙස් රටවලද ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය කිරීමට ඔහුට හැකියාව ලැබුණි. කැසට් ක්ෂේත්‍රයේද නව පෙරළියක් කරමින් සොමිය කැසට් පට පෙළ හඳුන්වා දුන්නේය.

කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙක් බවට ජිප්සීස් කණ්ඩායම පත්කිරීමට ඔහු දැඩි කැපවීමෙන් කටයුතු කළේය.

තමාටම ආවේණික වූ ශෛලයකින් කටහඬ මෙහෙයවමින් ජනහද දිනාගත් සුනිල් පෙරේරා මෙරට බයිලා සංගීතය ප්‍රචලිත කිරීමටද ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකළේය.

තමා විසින් සහ ජිප්සීස් සංගීත කණ්ඩායම ගායනා කළ බොහෝ ගීත රචනා කිරීමට ඔහු දායකත්වය ලබා දී තිබුණි.

සමාජයේ සිදුවන විවිධ අකටයුතුකම් සහ වැරදි සිය ගීතයෙන් විවේචනය ට ලක්කළ ඔහු ජනතාවට සිතීමට ඇතිදේ ගැන මතක්කර දුන්නේය.

‘ඕයේ ඔජායේ’,’සිංඤෝරේ’අයි ඩොන්ට් ක්නෝ වයි'”සයිමා කට්වෙලා”, “අංකල් ජොන්සන්”, “අම්මා අම්මා මේ මට”රෑ හීනෙන් මම ගුරුවරයෙක් වූණානේ. ‘තාත්තා මට ඇන්න ටොක්ක’ ‘කොත්තමල්ලි”එහා මෙහා අරයා මොනවා කීවත් ‘වැනි ජනප්‍රිය ගීත රාශියක් සඳහා දායකත්වය සුනිල් පෙරේරා මහතා ගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රය ට විශාල පාඩුවක් වනු නොඅනුමානයි.

ප්‍රිය මිත්‍රය,සංගීතඥයාණෙනි ඔබට මොක් සුව….

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments