27 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්police newsමිනිස් පරිභෝජනයට නුසුදුසු මී ගවයින්ගේ මස් තොගයක් එස්.ටී.එෆ්. අල්ලයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මී ගවයින්ගේ මස් තොගයක් එස්.ටී.එෆ්. අල්ලයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මී ගවයින්ගේ මස් රුපියල් හැට ලක්ෂයක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 6,000 ක තොගයක් පුද්ගලයින් සමඟ දෙහිවල වෙළඳ සංකීරණයේ දී විශේෂ කාර්ය බලකාය ඊයේ(07) අත්අඩංගුවට

ගෙන තිබේ.

ඒ අනුව විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් III හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොරටුව කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ උදෑසන දෙහිවල වෙළඳ සංකීරණයේ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු මී ගවයින්ගේ මස් කිලෝ ග්‍රෑම් 6,000 ක් අධි ශීතකරණ සහිත ලොරි රථයක් හා කැන්ටර් රථයක් සමඟ දෙහිවල ප්‍රදේශයේ දී 25, 29, 30 යන වයස් කාණ්ඩවලපසුවන පුද්ගලයින් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගන්නා ගෙන ඇත.
මී ගවයින්ගේ මස් තොග හොරොව්පතාන සිට දීර්ඝ කාලයක් මුළුල්ලේ නාගරික පසු වෛද්‍ය වරුන්ගේ අවසරයකින් තොරව කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කර, කොළඹ මස් වෙළඳ පොළවල් වෙත ලබාදෙන බවට ප්‍රශ්න කිරීම් වලදී කරුණු අනාවරණය කරගෙන තිබේ.
බුද්ධි තොරතුරු ඔස්සේ විශේෂ කාර්ය බලකායේ ආවේක්‍ෂණ නිලධාරීන් ගම්පහ, කඩවත, කැළණිය ප්‍රදේශයන්හිදී අවේක්ෂණයේ යෙදී සිට රැගෙන ආ මස් තොගය දෙහිවල වෙළඳ සංකීරණයේ දී අත්අඩංගුවට ගෙන දෙහිවල පසු වෛද්‍ය නිලධාරිනී විරංගා ජයසුන්දර මහත්මිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු වන අමිල සම්පත් මහතා හා කෞෂල්‍ය යන නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මස් තොගය පරික්ෂා කරන ලද අතර එම මස් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට කරන ලද නිර්දේශ මත ඉදිරි අධිකරණමය කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානයට භාරදීමට පියවර ගෙන ඇත.
මෙම මස් තොගයේ දළ වටිනාකම රුපියල් හැට ලක්ෂයක් පමණ වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments