කොළඹ දිස්ත්‍රික්කයේ (07)විහාරමහාදේවි උද්‍යානය එන්නත් කරන වැඩසටහන, දියත උයන එන්නත් කරන වැඩසටහන. කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් සිය දායකත්වය ලබාදු අවස්ථාව.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.
දියත උයන පරිශ්‍රයේ දි ක්‍රියාත්මක වන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයේදි වසය අවුරුදු 20ට වැඩි පුද්ගලයින් හට එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.