27.3 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්මන්නාරම ද්‍රෝණියේ අන්තර්ගත ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත මගින්...

මන්නාරම ද්‍රෝණියේ අන්තර්ගත ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත මගින් සමස්ත ණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකියි – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා

මන්නාරම ද්‍රෝණියේ අන්තර්ගත ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකියි – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා

මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට 50%ක් ලබා දුන්නද ඩො.බි. 133.5 ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩො.බි.47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීමවරයන් දැනුවත් කරමින් අමාත්යපවරයා මේබව පවසා සිටි අතර මෙම පනත් කෙටුම්පතට කාරක සභාවේ එකගතාවය හිමිවිය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සදහා වන මෙම කෙටුම්පත රජයේ ප්රයමුඛතම කාර්යක් සේ සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්ය්වරයා සදහන් කළේය.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120ක් ක්රියයා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්රිායාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

අප අසල්වාසී රටවන ඉන්දියාව 1940 දශකයේ සිට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ සිට තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු සිදු කළද ශ්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මග හැරී ඇතිබවත් මේ සම්බන්ධ විෂය ප්‍රවීණයන් ඇතුළු විද්වතුන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඒ සදහා විවිධ හේතු බලපා ඇති බව හඳුනාගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ තෙල් ගවේශනය සදහා පසුගිය කාලයේ ලෝකයේ දැවැන්ත සමාගම් නොපැමිණ ඇති බවත් ඊට විවිධ හේතු සාධක බලපා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

“මීට පෙර මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සිටි නිලධාරීන්ට විෂය සම්බන්ධව තිබු අවබෝධය අඩු නිසා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම හරහා විෂය සම්බන්ධ ප්රෝවීණයන්ට මෙම කාර්ය භාර දීමට අපි කටයුතු කළා. එසේම බලපත්‍ර නිකුත් කිරීම වැනි නියාමන බලය සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයා වෙත කේන්ද්‍රගතව පැවති බැවින් අමත්‍යවරයා වෙනස් වීම වැනි අවස්ථාවදී සියලු කටයුතු අඩාල වීම ඉතිහාසයේ සිදුව තිබුණා. මේනිසා අමාත්යටවරයා සතුව තිබු සියලු බලතල මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරීමට අප තීරණය කළා. ඒවගේම පැවති සාම්ප්‍රදායික සිතියම වෙනුවට නවීන සිතියමක් තෙල් සහ ගෑස් ගවේශන කටයුතු සදහා සකස් කළා” යැයිද අමාත්‍යවරයා පැවසීය.

එසේම ඩොලර් බිලියන ගණනක් මෙම කර්මාන්තයට ආ‍යෝජනය කළ යුතු බැවින් මෙම විශාල ආයෝජන ආරක්ෂා කිරීමට අදාළ ශක්තිමත් නීති රාමුවක් හදුන්වා දීමත්, අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමට විශේෂ කමිටුවක් පත් කිරීමත් මෙම පනත හරහා සිදුවන බවත් අමාත්යාවරයා පැවසීය.
සාමාන්ය්යෙන් ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ‍ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථක වීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථක වීම සදහා ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් ශ්රීේ ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථක වීම ඉතා යහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම මෙම කටයුතු සදහා ලොවපුරා විහිදී සිටින මෙම විෂය සම්බන්ධ ලාංකේය විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට අපෙක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි , නලින් බණ්ඩාර, මුදිතා ප්‍රශාන්ති, ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහූ ද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බී.වයි.ජී රත්නසේකර යන මහත්වරු ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments