29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්සීනි වැටලීම විකාරයක් හා නාට්‍යයක්ද?- පා.ම. කබීර් හෂීම්

සීනි වැටලීම විකාරයක් හා නාට්‍යයක්ද?- පා.ම. කබීර් හෂීම්

අද ඉතාමත් ශෝකජනක දිනයක් හේතුව ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා කෝවිඩ් වසංගතයෙන් අද දින අපෙන් සමු ගැනීම. එතුමා ජීවිතයේ වටිනාකම වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් , ක්‍රියාකාරී කෙනෙක්, මානව හිමිකම් වෙනුවෙන් සහ ජනතා අයිතීන් වෙනුවෙන් කථා කළා වගේම එතුමාගේ ගායනයන් ගීත හරහා වුවත් පණිවිඩය ජනතාව රැක ගැනීමයි. සමාජ සාධාරණය සඳහා සමානතාව සඳහා එතුමා කතා කළා. එය ඉතාම වැදගත් එතුමා ආදරයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා වගේම මේ අවස්ථාවේ අපෙන් ඈත් වීම රටට ලොකු පාඩුවක් බව ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.

මේ රටේ පුරවැසියන් විදියට තිබුණු අත්දැකීම් තමයි සාමාන්‍යයෙන් හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම එහිදී හමුදාවේ නිලධාරීන් යම් යම් තනතුරු වලට පත් කරන්නේ අපේ රටේ යුද්ධයක් ,ත්‍රස්ත ප්‍රහාරයක්, එසේ නැත්නම් සමාජයේ නොසන්සුන් භාවයක් ඇති වෙද්දී. ඊයේ පෙරේදා හදිසි නීති රෙගුලාසි පනවා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් හැටියට මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා පත් කළා. මෙය පත් කරන්නේ යුද්ධයක් ප්‍රහාරයක් එල්ල කරන්න හෝ සමාජයේ තිබෙන නොසන්සුන්තාවයක් පාලනය කරන්න නෙමෙයි. එය පරිප්පු හොයන්න සීනි හොයන්න හාල් කහ කුඩු ආදී වශයෙන් හොයන්න තමයි හදිසි නීතිය පනවන්නේ. මේක විහිලුවක් ස්වාධීන අල්ලන්න ආසියාවේ හොඳම බුද්ධි අංශ නිර්මාණය කරලා ක්‍රියාත්මක කරනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා හා එතුමාගේ ආණ්ඩුව පොරොන්දු දුන්නා. අද මේ අයට බැරි වෙලා සීනි සහ පරිප්පු ටික හොයාගන්න එහිදී කොහොමද ආණ්ඩුවට පුළුවන් වෙන්නේ මේ රටේ තෙල් සුරක්ෂිතභාවය ආහාර සුරක්ෂිතභාවය මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරන්න. රටේ තිබෙන පරිප්පුයි සීනියි හදිසි නීතිය දාලා හොයනවා නම් එය විහිළුවක් මොකටද ආණ්ඩුවක් .

මේ ආණ්ඩුව අසාර්ථකයි වගේම බොළඳයි. අගෝස්තු 30 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා අංක දරණ 2243/1 මහජන ආරක්ෂා පනත යටතේ නිවේදනයක් නිකුත් කරලා ගැසට් නිවේදනය හරහා හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය ආහාර කොමසාරිස්වරයෙක් නීති රෙගුලාසි යටතේ පත් කරනවා එහිදී අත්‍ය අවශ්‍ය ආහාර වර්ග නීති විරෝධී ලෙස තොග පිටින් සඟවා ගන්නවා නම් අපේ රටේ නීතියට ඒ වගේම අපේ රටේ ගබඩා අරගෙන හොරෙන් එය ගබඩා කරනවා නම් අපේ රටේ ඕන තරම් නීති ප්‍රතිපාදන තියෙනවා සාමාන්‍යයෙන් ඒවා පාලනය කරන්න හදිසි නීතියක් අවශ්‍ය නැහැ එය පැහැදිලිවම මහජන ආරක්ෂක පනත 13 වගන්තියෙ පාරිභෝගික අධිකාරියට එම බලතල තියෙනවා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න ඒ නිසා තමයි අපේ රටේ සිවිල් පාලනය තුළ වෙළෙඳ අමාත්‍යංශයක් තිබෙනවා අමාත්‍යවරයෙක් හා නි⁣යෝජ්‍ය ඇමතිවරයෙක් සිටිනවා එම අමාත්‍යාංශයට බලතල දීලා තිබෙන්නේ යම් වෙලාවක අත්‍යවශ්‍ය ආහාර වල සැපයුම් වල ගැටලුවක් තියෙනවා නම් 17 වැනි වගන්ති හරහා ක්‍රියාත්මක කරමින් පියවර ගන්න එසේ තිබියදී හදිසි නීතිය පනවා මේ වගේ මොහොතක පරිප්පුයි, සීනියි, අලයි සොයන එකෙන් මේ ආණ්ඩුව කරන්නේ විහිළුවක්.

අද වනවිට රට බරපතළ තත්ත්වයට ගිහිල්ලා අත්‍යවශ්‍ය ආහාර සඳහා හදිසි නීතිය පනවා පසුව ඒ යටතේ හමුදාවේ නිලධාරීන් පත් කරා ඒ තුලින් අපි ලෝකයට දුන්න පණිවිඩය කුමක් ද? එහිදී මේ වන විට ලෝකෙ ගිහින් තියෙන පණිවිඩය තමයි ශ්‍රී ලංකාවේ බරපතල ආහාර හිඟයක් ඇති වෙලා තිබෙන බවත් එය ලෝකය තේරුම් අරගෙන තිබෙන බවත් දින දෙක තුනක් ඇතුළත බීබීසී අල්ජසීරා හා ඉන්දියන් නිවුස් වල ප්‍රධාන පුවත විදියට ගියේ ලංකාවේ ආහාර අර්බුධයක් වී ඇති බවයි. මේ තත්ත්වය ලෝකයේ නිර්මාණය කරන්නේ රට ගැන වැරදි තොරතුරු නිර්මාණය කර නිසා එසේ කරන්නේ ආණ්ඩුව මයි. ආණ්ඩුවේ ක්‍රියා කලාපය තුළ තමයි ලෝකයට එවැනි නරක පණිවුඩයක් යන්නේ. ඒ කරද්දි අනිත් පැත්තෙන් ආණ්ඩුව මාරාන්තික උත්සාහයක් දරනවා සංචාරකයන් ගෙන්වන්න. අපේ රටේ ආහාරය හිගයක් තියෙනවා කියලා පණිවිඩය ලබා දුන්නම මේ රටට පිටරට ඉන්න සුද්දො නෙමෙයි කලවැද්දෙක් වත් එන්නේ නැහැ එය ආණ්ඩුව තේරුම් ගත යුතුයි .

මේ වන විට ආණ්ඩුව මෙසේ ප්‍රශ්න නිර්මාණය කරලා ශත 25 ට සීනි බදු අඩු කරේ මේ රජයයි ඒ වගේම ගෙන්වන්න වෙළඳ බලපත්‍ර නිකුත් කෙරෙන්නේත් රජයමයි එය කාට ද දෙන්නේ කියලා තීරණය කළේ මේ රජයමයි ගබඩා වල තිබෙන සීනි තොගය සතියෙන් සතිය තොරතුරු ලබාගත්තේ රජයමයි ඒ අය දැනගෙන තිබෙනවා කොච්චරද සීනි තියෙන්නෙ කියලා ඒ ඔක්කොම තොරතුරු අරගෙන හදිසි නීති පැනෙව්වා ගබඩා කර ඒවා අල්ලන්න. රජයෙන් අපි අහනව රජයේ ම ආයතනයක් වන පැල්වත්ත සීනි සමාගම සීනි විකුණලා තියෙනවා 180ට එහිදී රජය ම 180ට කළු කඩ මිලට සීනි විකුණලා තිබෙනවා. එසේනම් රජයේ මුලින්ම වටලන්න අවශ්‍යවන්නේ පැලවත්තයි ආණ්ඩුව විසින්ම 180ට කොහොමද විකුණුවේ කියලා අපි අහනවා. ඒ සදහා ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද ?

මේක ලොකු නාට්‍යයක් ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. ප්‍රශ්න වලින් එළියට එන්න බැරි වෙන විට මොකක්හරි එකක් කියනවා මේ හරහා විපක්ෂයට මඩ ගහන්න බැලුවා පිස්සු කතාවක්. ඕනම මිනිහෙකුට තේරෙනවා මේක ආණ්ඩුව නිර්මාණය කර ප්‍රශ්නයක් කියලා මේ වෙලාවේ ආණ්ඩුවට කියනවා ප්‍රධාන ප්‍රශ්නය තියෙද්දි එයට විසඳුම් නොදී අතුරු ප්‍රශ්න මේ විදිහට විසඳන්න බැරි බව අපේ රටේ ආර්ථිකය බංකොලොත් වෙලා විදේශීය විනිමය අර්බුදයක් තියෙනවා ප්‍රධාන ආබාධය විදේශ විනිමය අර්බුදය හැටියට තියෙද්දි අතුරු ආබාධ වන ආහාරය හිඟය ගෑස් හිඟය තෙල් හිඟය ඖෂධ හිඟය නිර්මාණය වෙලා අතුරු ආබාධවලට ප්‍රතිකාර කරනවා ට කලින් ඩොලර් හිඟයට විසඳුමක් දිය යුතුයි ඒ වෙනුවෙන් ආණ්ඩුවට වගකීමක් ඇති විපක්ෂය විදිහට උපදෙස් දුන්නා ආණ්ඩුව එය දැන් අනාගෙන අද වෙන විට මේ ප්‍රශ්නය විසඳිලා නැහැ ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහේ හරි මේ රටේ ඩොලර් නැහැ ආහාර ගෙන්වන්න ඖෂධ තියනවද ඒ ප්‍රශ්න තිබියදී ආණ්ඩුව කරන්නේ හදිසි නීතිය දාලා මුලු ලෝකෙටම පෙන්වනවා ලංකාවේ කන්න නැහැ කියලා මේ ඔක්කොමත් දාගෙන තවම ආණ්ඩුවට පාලනය කරගන්න බැහැ අද පුවත්පතක් කියනවා පාලන මිල කැලේ හාල් කළු කඩ මිලට දැන් පේනවා මේකෙ වැඩ කරන්නේ නැහැ කියලා අද හාල් රුපියල් 98ට විකුණන්න කිව්වට 115 ට අඩුවෙන් ගන්න බැහැ .ඇතැම් තැන්වල 118යි තව තවත් වෙළඳපොලේ ඉල්ලුමයි සැපයුමයි අතර තිබෙන ක්‍රමවේදයෙන් මිල තීරණය තමයි ඉල්ලුමයි සැපයීමයි තිබෙන අතර තිබෙන පරතරය . රජය විසින් බලපෑම් කරලා තුවක්කු අල්ලලා වෙලදපොල විකෘති කරන්න ගියානම් විශාල ප්‍රශ්නයකට අපි යනවා මම අද කියනවා අපිට සීනි තව මාස දෙකක් විතර තියේවි ඊට පස්සේ මේ රටේ සීනි හිඟයක් නැවත ඇති වෙන බව ඒ සඳහා ආණ්ඩුව කිසිම සැලසුමක් කරල නැහැ .ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව බුදි මම හිතනවා ඒ නිසා මේ වන විට හැම පැත්තෙම අසාර්ථක වෙලා විපක්ෂයක් විදියට රට බේරා ගැනීම සඳහා ඉදිරියට වශ්‍ය පියවර සම්බන්ධව සාකච්ඡා කරමින් යනවා.

මේ රටේ වසර දෙකකට කලින් පාස්කු ප්‍රහාරයක් සිදු වුණා එක දවසක්වත් ආහාර මිල ඉහළ ගියේ නැහැ ලොකු හිඟයක් ඇති වුණේ නැහැ ඒවා රජයේ වගකීමක් විදිහට ඉතාමත් නිවැරදි ක්‍රමයකට ක්‍රියාත්මක වුණා .පසුගිය ඉතිහාසය ගත්තම අපේ පාරිභෝගික අධිකාරියෙන් ඇතැම් අවස්ථාවල වෙළෙන්දෝ වගකීමෙන් තොර වැඩ කරනවා නම් තොගපිටින් ආහාර ගබඩා කරනවා නම් ක්‍රියාත්මක වුණා කිසිම අවස්ථාවක හමුදාව දාලා බලය පාලනය කරන අවශ්‍ය වුණේ නැහැ ඇයි එහෙනම් අද ඒ දේ සිද්ධ වෙලා තියෙන්නෙ මම හිතනවා මේ ප්‍රශ්නය වෙළෙඳුන්ගෙන් නෙමෙයි කියලා වෙළඳුන්ගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් එය කිහිප දෙනෙක්ගේ නමුත් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ පාලන තන්ත්‍රයේ පාලකයන් දන්නෙ නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න පාලකයන් දන්නෙ නැත්නම් ඒවාට ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් මිල සැපයීම සහ ඉල්ලුම අතර තියෙන පරතරය සම්බන්ධ කරගන්නට ඒ ආණ්ඩුව අසාර්ථකයි මෙතන වෙළෙඳපොළ අසාර්ථක නැහැ ආණ්ඩුවේ අසාර්ථක භාවයයි.

මේක නාට්‍යයක් හදිසි නීතිය දාලා ගබඩා වල් වලට ගිහිල්ලා සීනී අල්ලන් කරේ නාට්‍යයක් පෙන්වීමයි ආණ්ඩුවට මගේ මතය අනුව අගෝස්තු මාසයේ 13 වෙනකොටත් ආණ්ඩුව ප්‍රකාශයට පත්කර තිබුණා පාරිභෝගික අධිකාරියට ලැබුණු සීනි තොගය හාල් තොගය වී තොගය හැම එකක්ම ආණ්ඩුවට තොරතුරු සහිතව ලැබී තිබුනත් ඒ වනවිට ගැටලුව වුණේ කොහොම හරි සීනී හිගියක් ඇති වෙයි කියන බයට හෝ ආණ්ඩුවේ ආයතනයක්ම රුපියල් 180ට උස්සනකොට අනිත් ඔක්කොමල ඉස්සුවා එහිදී පාරිභෝගික අධිකාරිය වගේම වෙළෙඳ ඇමැති වරයෙක් සිටිනවා නියෝජ්‍ය ඇමතිවරයෙක් සිටිනවා ඒ අයට කියන්න තිබුණා වහාම මේ මිලටම විකුණන්න කියලා මේකට පාරිභෝගික අධිකාරියේ සාමාන්‍ය නීතිය යටතේ 17 වැනි වගන්තිය පාවිච්චි කරානම් ඕනෑම වෙලාවක එම අධිකාරියට ඕනෑම ගබඩාවක් සීල් කරන්න අයිතියක් තිබෙනවා හදිසි නීතිය අවශ්‍ය නැහැ හදිසි නීතිය පනවා ලෝකයට පෙන්නුවා ලංකාව බංකොලොත් වෙලා ආහාරත් නෑ කියලා එහිදී අපි කොහාටද ගිහිල්ලා තියෙන්නෙ.

මුදල් රාජ්‍ය ඇමැති තුමා ඩොලර් හිඟයක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ කිව්වට මට ඔප්පු කරන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා කියලා අගෝස්තු මාසේ තිස් වෙනිදා එතුමා ඩේලි මිරර් පුවත්පතටත් මාධ්‍යයටත් ප්‍රකාශයක් කරනවා අපි චීනයෙන් බංගලාදේශයෙන් ඩොලර් බිලියන 1.2 ක් රටට ගෙන්න ගත්තා නමුත් ප්‍රශ්නයක් තියෙනවා මොනතරම් ඩොලර් ආවත් රුපියලේ අගය වැඩි වෙන්නේ නැහැ එය වැටෙන බව එහිදී ඩොලර් අර්බුදය විසඳෙන්නේ නැති බව එතුමා කිව්වා එහිදී මොකක්ද ප්‍රශ්නේ කියලා එතුමා දන්නෙත් නැහැ එදා හවස තවත් මාධ්‍ය සාකච්ඡාවක දී කිව්වා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෑ කිසිම අර්බුදයක් නැහැ කියලා එහිදී උදේ එකක් කියලා සවස තව එකක් කතා කරන ඇමතිවරයෙක් වගකීම් සහිතව ද හැසිරෙන්නේ අපි සෙල්ලං කරන්නේ රටක් එක්ක මිනිස්සු එක්ක . දැන් වෙනකොට මේ රටේ නිර්මාණය කර තිබෙන ඩොලර් හිඟය පිළිගත්තේ නැත්තං විසඳුවෙ නැත්නම් අතුරු ආබාධ සියල්ල මේ වගේ ආහාර නැති වෙනවා හෙට අනිද්දා තෙල් නැති වෙනවා මේ යන විදිහට. අනිවාර්යෙන් එම නිසා ඇත්ත පිළිඅරගෙන උද්දච්ච කමින් තොරව මේක තේරුම් ගත්තෙ නැත්තම් ලොකු ප්‍රශ්නෙකට අපි යනවා කෝවිඩ් වසංගතය කියලා මේ ඔක්කොම හංගන්න බැහැ මේ වෙනකොට බංග්ලාදේශය විදේශ විනිමය සංචිත ඉතිහාසගත විදියට දිනෙන් දින වැඩි වෙලා අපි බංකොලොත් වෙලා.

අද සිදුකරන සීනි වැටලීම විකාරයක් හා නාට්‍යයක්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments