.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා තවදුරටත් මෙසේද කියා සිටියි.
අද දවස වන විට අපි මේ රටේ ජිවත්වන 30 ට වැඩි,මිලියන 10 ක ජනතාවට දෙවන මාත්‍රාව ලබා දීම අවසන් කරලා තියෙනවා. ඒ වගේ තමයි අවුරුදු 20 – 29 ත්අතරපිරිසට එන්නත ලබාදීම හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලකදීම මේ වන විට ක්‍රියාත්මක වෙනවා.ඒ වගේම තමයි මේ එන්නත් ලබාදීමේදී අද ලෝකයේ අනෙකුත් රටවල් හා සාපේක්ෂව බලන විට අපි ඉහල මට්ටමකින් එන්නත ලබාදීමේ රටක් බවට පත්වෙලා තිබෙනවා. එසේම ඉදිරියේදි ප්‍රාථමික පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නේ ද කියලා අද කථිකාවතක් ඇතිවෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අදහස් ලබාගන්නවා.ඒ නිසා සෞඛ්‍ය උපදෙස් පරිදි ඉදිරියේදී පාසල් විවෘත කරන්නේ කෙසේද කියන එක සම්න්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. ඒ නිසා අපි රජයක් හැටියට අපේ වගකීම් ඉටු කරනවා.ඒ වගේම තමයි මොන බාධකය තිබුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ සෘජු මැදිහත්වීමකින් මේ එන්නත්කරණය සිදු කරනු ලබන්නේ. එන්නත් ලබා ගැනීමේදී රටවල්වල රාජ්‍ය නායකයින් සමඟ කතා කරලා පෞද්ගලිකව මැදිහත්විමකින් මේ එන්නත ලබා ගැනීමට විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉදිරයේදී ඉතා ඉක්මණින් අපේ රටට තවත් එන්නත් ප්‍රමාණයක් ලැබෙනවා.
ඒ වගේම තමයි අපි දැක්කා පහුගිය දිනවලදි වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. මේ වගේ අවස්ථාවක තමන්ගේ ව්යානපරයෙන් අයතු ලෙස ලාභ ලබන්නඋත්සහ කරනවා නම් එය ඉතාම වැරදි සහගත දෙයක්.ඒ නිසා තමයි රජයක් හැටියට අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේ හදිසි නීතිය පාර්මේන්තුවේ සම්මත කරගත්තේ. මේ හදිසි නීතිය සම්මත කර ගත්තේ මේ රටේ ජනතාව නිසා. ජනතාව ආර්ථික වශයෙන් ඉතාම පහළට වට්ටනවානම් ඒක මේ රටේ මිනිස්සුන්ව ජිවත් කරන්න නොවේ සැලසුම් කරන්නේ. ඒ නිසා තමයි පැහැදිලි ලෙස අපි මේ හදිසි නීතිය පනවලා මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන අත්‍යාවශ්‍යම භාණ්ඩ නියමිත කරන මිලට ලබා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු සූදානම් කළේ.රටේ ව්‍යපාරකයින් ලෙස මේ වෙලාවේ ආපදා තත්වයකදිමේ රට ගැන හිතලා,ඔබත් දායකවෙන්න. අපේ රටේ මේ කොරෝනා උවදුරෙන් බේරා ගැනීමට අවශ්‍යම කරන වැඩපිළිවෙලට උදව් කරන්න කියලා අපි පැහැදිලිව මතක් කරනවා.