21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාපනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයේදි අවුරුදු 20 ට වැඩි අය...

පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයේදි අවුරුදු 20 ට වැඩි අය එන්නත් කිරීම.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් ඊයේ (10) දින එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.

පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථානයේදි වසය අවුරුදු 20 ට වැඩි අයවලුන් සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවාවනිතා ඒකකය විසින් එන්නත්කරණය සඳහා සහභාගිවූ පුද්ගලයින් සඳහා කෙටි ආහාර වේලක් ලබාදීම සිදුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments