21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාපාසල් යලි විවෘත කිරිම සදහා මාර්ගෝපදේශන සැකසිමට තාක්ෂණික කමිටුවක් පිහිටුවීම.

පාසල් යලි විවෘත කිරිම සදහා මාර්ගෝපදේශන සැකසිමට තාක්ෂණික කමිටුවක් පිහිටුවීම.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර එකහමාරක කාලයක් පාසල් සිසුන්ට පාසල් ජීවිතය අහිමි වී ඇත. එබැවින් පාසල් යලි විවෘත කිරිමේ අවශ්‍යතාවය බොහෝ පිරිස් මතුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා COVID ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කර මතය විමසන ලදී.

එබැවින් පාසල් යලි විවෘත කිරිම සදහා අවශ්‍ය කරන මූලික නිර්ණායක ගොඩ නගන්නටත්, පාසල් පවත්වාගෙන යාමේදී පිලිපැදිය යුතු ක්‍රියාපටිපාටිය තාක්ෂණිකව සකස් කිරිම සදහාත් තාක්ෂණික කමිටුවක් පිහිටුවන ලෙස අප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් ඉල්ලා ලිඛිතව දැනුම් දී ඇත.

මෙහිදී පෙර පාසල්, ප්‍රාථමික, ද්වීතික සහ උසස් පෙල අධ්‍යාපන අංශ කලමණාකරණය කිරිම සදහා අවශ්‍ය තාක්ෂණික මාර්ගෝපදේශ හැකි ඉක්මනින් සකස් කර නිර්දේශ ඉදිරිපත් කිරිම සදහා එම කමිටුව ඉතා ඉක්මනින් කටයුතු කල යුතු බව අප වඩාත් තහවුරු කර ඉල්ලා ඇත.

එමෙන්ම මෙතෙක් ප්‍රතිඵල නිකුත් වී නැති 2021 පෙබරවාරියේ පැවැත්වූ අ.පො.ස. සා.පෙළ විභාගයේ ප්‍රතිඵල හැකි ඉක්මනින් නිකුත් කිරිමට මෙවැනි හදිසි අවස්ථා වල පිලිපදින්නා වූ පූර්වාදර්ශයන් ඔස්සේ කටයුතු කර එම දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සාධාරණයක් වන ලෙස කටයුතු කිරීමට ජනාධිපතිතුමන් දැක්වූ යහපත් ප්‍රතිචාරයට අප ස්තූතිවන්ත වන අතර නුදුරු දිනකදී එම විභාගයේ ප්‍රතිඵල නිකුත් වන බව අප වෙත දැනුම් දෙන ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments