21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ආණ්ඩුව කරන කිසිම හොඳක් ගැන විපක්ෂය කතා කරන්නේ නැහැ.

ආණ්ඩුව කරන කිසිම හොඳක් ගැන විපක්ෂය කතා කරන්නේ නැහැ.

අපේ විපක්ෂය ආණ්ඩුව කරන කිසිම හොඳ දෙයක් ගැන කතා නොකරන තරමටම කුහක වෙලා සිටින අතර ගොවි ජනතාව අවුස්සමින් කරන හොඳ වැඩ අගය කරන්නේ නැති බව ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්ය.
ඊයේ දිනයේදි කැබිනට් මණ්ඩලය විසින් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් වී කිලෝ එකකට රුපියල් 55 ක් දීමට තීන්දු කළා. ගිය යහපාලන කාලයේදී අවසාන වශයෙන් මිල තිබුණේ වී කිලෝ එකක් රුපියල් 32 ටයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ එතුමාගේ රජය යටතේ අපි වී කිලෝ එක රුපියල් 52 කට ලබා දුන්නා. කෙටිකාලයක් තුළ නැවතත් වී මිල වැඩි කර ගන්න රජය සූදානම් වෙලා තිබෙනවා. නමුත් සමහර වෘත්ති සමිති කියා ගන්නා පිරිස ගොවි ජනතාව අවුස්සමින් මේ කරනහොඳ වැඩ පිළිබඳව කොයිවේලාවෙත් ප්‍රකාශ කරන්නේ නෑ. හැම හොඳ දෙයක්මනරක බවට පෙන්වන විපක්ෂයක් හා තවත් පිරිසක් මේ රටේ ඉන්නවා.

ඒ වගේම කෘෂිකර්මය දියුණු කිරීම සඳහා අපි වැව් 14,000 ක් අලුතින් හදන්න මේ රජය යටතේ සූදානම් වෙලා සිටිනවා. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් ග්රා,මීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් කාපට් කිරීමේ දැවැන්ත වැඩසටහන කරනු ලබන්නේ. එසේම අතිරේක බෝග වර්ග 16 කට සහතික මිලක් ලබා දුන්න එකම රජය අපේ රජයයි. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලු දෑ ආනයන කිරීම නවතා තිබෙනවා.මේ සඳහා ද නොයෙක් ආකාරයේ මඩ ගැහීමක යෙදි සිටිනවා. ඒ නිසා විශේෂයෙන් ගොවිජනතාව අවුස්සන පිරිසට කියනවා මේ වැඩපිළිවෙල ආපස්සට අදින්න කටයුතු කරන්න එපා කියලා.

මේ කොවිඩ් වසංගතය තියෙන වේලාවක ඒ සඳහා රජය විශාල මුදලක් වැය කරනවා. ලෝකයේ එන්නත්කරණය කරන රටවල් අතර ඉතාමත් ඉහළ මට්ටමක තියෙන රටක් හැටියට අද ලෝක සෞඛ්ය් සංවිධානය පවා පිළි අරගෙන තිබෙනවා.සෑම අවස්ථාවකම විපක්ෂය මඩ ගැහිල්ලක් තමයි සිදු කරන්නේ.

සජිත් ප්රේ.මදාස මැතිතුමා මේ අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලනවා. මේ කොරෝනා වසංගතයත් එක්ක මුළු රටක්, රජයක් මුහුණ දෙන වෙලාවක ජනාධිපති පුටුවේ සිහිනය තමයි සජිත් ප්රේ මදාස මහතාට තිබෙන්නේ.ඉතාම කණගාටුයි මේ වගේ විපක්ෂ නායකවරයෙක් අපේ රටේ විපක්ෂ නායකයෙක් වීම පිළිබඳව.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්රිණවරයා මාධ්යවවලට ප්රකකාශ කරනවා මුලින්ම අපේ රටේ ප්රයශ්නයක් ජාත්යමන්තරයට රැගෙන ගියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ 89 කාලයේ එතුමා මන්ත්රියවරයෙක් සිටිවන අවධියක කියලා. ඇත්ත 60 දහක් මේ රටේ තරුණ තරුණියෝටයර් සැයවල පුච්චනකොට, නීතිය කැලෑ වැදිලා තිබෙන අවස්ථාවක වෙන පිහිටක් නොමැති නිසා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගකීම ඉටු කරේ. නැතිනම් 60 දහකින් බේරෙන්නේ නෑ. ලක්ෂ ගාණක් මැරෙන්න තිබුණා. එය එතුමා නැවැත්තුවා. අද එහෙම දෙයක් නෑ. ඉතාම ප්රෂජාතන්ත්රරවාදි රටක්.

ඒ වගේම තිස්ස අත්තනායක මන්ත්රිතවරයා කියනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්යාං ශය භාර ගත්තාම ඇලඩින්ගේ පුදුම පහන වෙයි කියලා ජනතාව බලාපොරොත්තු වෙමින් සිටියා කියලා. යහපාලන ආණ්ඩුව කාලයේ මහ බැංකුව මංකොල්ල කාලා, රට බංකොලත් කරලා තමයි අපිට රට භාර ගන්න වුණේ. ඒ වගේම කොරෝනා වසංගතය පැම්ණිමෙන් එයටද මුහුණ දෙමින් විශාල ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවකයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්යාං ශය භාර ගත්තේ. අපි දන්නවා ඉතාම පැහැදිලිව එතුමා අරගෙන තිබෙන ක්රි යාමාර්ග. අමාත්යාං ශවල වියදම් අඩු කරලා, නාස්තිය අඩු කරලා, ඉතාම හොඳ කළමණාකරනයක් කරමින් අමාත්යාංතශයේ කටයුතු මෙහෙය වනවා. එතුමාගේ මංගල අයවැය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරයි. තිස්ස අත්තනායක මහතා කියන ඇලඩින්ගේ පුදුම පහන වගේ නොවේ මේ රටට යථාර්තයක් වෙන, කර්මාන්ත දියුණුවෙන, මේ රටේ සංවර්ධනය වෙලා ගත්ත භූමියක් බවට පත්කරන්න ඒ අවශ්යස කටයුතු සිදු කරනවා. ඒ වගේම අපි නොහිතන විප්ලවීය, රටට දැනෙන , කවුරුත් බලාපොරොත්තු නොවන බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙවැනි අයවැයක් ගෙනෙයි කියලා හිතන්න බැරි සියලු දෙනාටම පිළිගන්න පුළුවන් හොඳ අයවැයක් එතුමා නොවැම්බර් මාසයේ ගෙනවා කියලා පැහැදිලිව අපි දන්නවා. එතුමා මේ වන විට සියලු අමාත්යාංනශයත් සමඟ සහ සියලුම මහජන නියෝජිත සමඟ සාකච්ඡා කරලා ඒ වගේම සියලුම ස්වෙච්චා සංගම් සමඟ සාකච්ඡා කරලා රටට ගැලපෙන ඇලඩින්ගේ පුදුම පහන වගේ හොඳ අයවැයක් ගෙනවා කියලා මම ඉතා වගකීමෙන් යුතුව ඔය අපිට මඩ ගහන තිස්ස අත්තනායක මහතාට, ලක්ෂ්මන් මන්ත්රිමතුමාට කියනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments