21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම අපේක්ෂිත මාවත තුළ මෙහෙයවීම,මූල්‍ය අංශයේ ස්ථායීතාව සහතික...

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම අපේක්ෂිත මාවත තුළ මෙහෙයවීම,මූල්‍ය අංශයේ ස්ථායීතාව සහතික කිරීම සිය අධීක්ෂණය යටතේ මහ බැංකුවේ ඉහළම ප්‍රමුඛතාව හිමිවන කාර්යවේ. නව මහා බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම අපේක්ෂිත මාවත තුළ මෙහෙයවීම සම්බන්ධයෙන් පැහැදිලි පණිවුඩයක් ලබා දීම සහ එමගින් මූල්‍ය අංශයේ ස්ථායීතාව සහතික කිරීම සිය අධීක්ෂණය යටතේ මහ බැංකුවේ ඉහළම ප්‍රමුඛතාව හිමිවන කාර්යය වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද දින නව පදවියේ වැඩ භාර ගනිමින් කබ්රාල් මහතා මේ බව පැවසීය.

2021 සැප්තැම්බර් 15 වන දින නව පදවියේ වැඩ භාර ගැනීමේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදු කළ ප්‍රකාශය

නැවත වරක් මහ බැංකුවේ නායකත්වය දැරීමට හැකි වීම මා ලද භාග්‍යයක් වන අතර, මෙම වගකීම භාර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා මා කෙරෙහි තබා ඇති විශ්වාසය හා පැහැදීම පිළිබඳව නිහතමානීව සතුටු‌ වෙනවා. අපේ රටේ දහස් ගණන් ජනතාවගෙන් මට ලැබුණු සුබ පැතුම් ද මා බෙහෙවින් අගය කරනවා.

ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ නොහෙලන බවටත්, ආර්ථිකය අකණ්ඩව ස්ථායීතාව කරා යොමු කරන බවටත් මා ඒ සියලු දෙනාට ම සහතික ‌වනවා.

එසේම, මහ බැංකුවේ සිටින දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයේ සමීප සහයෝගය මෙන්ම, මා නුදුරේදී ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන සියලු පාර්ශවයන්ගේ සහයෝගය ද මා අපේක්ෂා කරනවා.

රජය, බැංකුකරුවන්, ආනයනකරුවන්, අපනයනකරුවන්, ණය දෙන්නන්, ණය ගන්නන්, ආයෝජකයින්, සංවර්ධන කාර්යයන් හි නිරතවන්නන්, සේවා සපයන්නන්, කාර්මික ව්‍යාපාර, විනිමය ආයතන, සිල්ලර වෙළෙඳුන්, තොල වෙළෙඳුන් සහ විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික ස්ථායීතාව අත්විඳිය යුතු වෙනවා. අනවශ්‍ය බිය දුරු වී අහිතකර අපේක්ෂා උත්සන්න නොවන්නේ එවිටයි.

එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, විශේෂයෙන්ම වර්තමානය වැනි කැලඹිලි සහික කාලපරිච්ඡේදවල දී, ආර්ථිකයේ සියලුම පාර්ශවකරුවන්ට මහ බැංකුව පැහැදිලි හා ස්ථිරසාර මඟ පෙන්වීමක් ලබා දිය යුතු වෙනවා. එබැවින්, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම අපේක්ෂිත මාවත තුළ මෙහෙයවීම සම්බන්ධයෙන් පැහැදිලි පණිවුඩයක් ලබා දීම සහ එමගින් මූල්‍ය අංශයේ ස්ථායීතාව සහතික කිරීම මගේ අධීක්ෂණය යටතේ මහ බැංකුවේ ඉහළම ප්‍රමුඛතාව හිමිවන කාර්යය වනු ඇත.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා, මහ බැංකුව සිට කැපවීම පිළිබිඹු වන පරිදි අවශ්‍ය පියවර ගත යුතු වන අතර, ඒ සඳහා සියලුම පාර්ශවකරුවන් හට අනුගමනය කළ හැකි කෙටි කාලීන පෙර දැක්මක ස්වරූපයේ ප්‍රතිපත්ති මාලාවක් හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments