විපක්ෂ නායක කාර්යාලයේ ද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ලොක්ඩවුන් කිරීමක් සිදු කරා නමුත් අපි දකිනවා එසේ කරා කිව්වට රථවාහන පාරවල්වල ගමන් කරන බව අඩුම තරමේ වාහන පරීක්ෂා කරන ක්‍රමවේදයක් වත් නැහැ.නමුත් සුබදායී ප්‍රතිඵල යම් දුරකට ලැබී තිබෙනවා අපි හිතනවා මෙය මහජනයාගේ උනන්දුව කැපවීම නිසා පාලනයක් සිදුවන බව මහජනයා පුද්ගලිකව ආරක්ෂා වීම වගකීමක් ඇතිව කරපු කැපකිරීම අනුව ලැබුණු ප්‍රතිඵලයක් හැටියට දකින්න ලැබෙනවා ඉක්මනින්ම ලොක්ඩවුන් ඉවත් කරාවි මෙය මහජනයාගේ උනන්දුව සහ කැපවීම මත එය සිදු වේවි.මේ ක්‍රමවේදයට තමයි අපට මේ ජයග්‍රහණය කරන්න පුළුවන්. රජය ගන්නා තීන්දු තීරණ කලට වේලාවට විශේෂඥයින්ට ඇහුම්කන් දීලා ගන්නවද කියන ගැටලුව අපට තියෙනවා. මෑතකදී දුටුවා රාජ්‍ය ඇමතිතුතුමිය කියනවා අවශ්‍ය අය තීන්දු තීරණ ගන්නා අය ගනීවි මට කියන්න තියෙන්නෙ ජනතාවට ආරක්ෂා වෙන්න කියන එක පමණයි කියලා. එසේ ප්‍රකාශ කලේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමිය. එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමති තුමියන් ඉවත් වෙලා යන අවස්ථාවේ පණිවිඩයක් දුන්නා ඒ තමයි වටු රජෙක් ගැන කතා කරලා එතුමිය ඉවත් වෙන එක එතුමියට හොඳ බව එදා කිව්වා එතුමිය කුණු ගොඩකට කරගහගෙන ඉන්න බව තමයි එතුමිය කිව්වේ මේ අනුව අපට පේනවා විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම විශේෂඥ කමිටු වලින් ඉවත් වෙලා ගියා එය ඉතාමත් ප්‍රබල විශේෂඥවරු නමුත් අපි දකිනවා වෛද්‍ය හේමන්ත හේරත් මහතා ටීවී එකේ දකිනවා සුමාන දෙක තුනකට කලිනුත් එතුමා කිව්වා තවමත් කොරෝනා සමාජගත වෙලා නැහැ කියලා .අපි දකිනවා මෙහි විශේෂඥයෝ යැයි කියන පිරිසකුත් සිටිනා බව එම අය ආණ්ඩුවට කඩේ යන්න ලෑස්ති වෙලා එම අයට ඇහුම් කන් දෙන කොට ජනතාව තේරුම් ගත යුතුයි .මෙවැනි වාතාවරණයක සමාජගත වෙලා නැහැ කියනවා නම් එසේ කියන විශේෂඥයෝ සිටිනවා නම් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා තමුන්නාන්සේලා මේවා අවබෝධ කරගන්නා ලෙස. ජනතාව පුද්ගලිකවම ආරක්ෂාව සපයා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා මේ වනවිට ලෝක විශේෂඥයින් දැනුවත් කර තිබෙනවා ෆයිසර් ,ඇස්ට්‍රාසෙනිකා එන්නත් වල ශක්තිය මාස හයකට පසුව අඩු වෙන එය ලෝකයේ විශාල විශ්ව විද්‍යාල වලින් පරීක්ෂණ සිදු කර තිබෙනවා එම නිසා බුද්ධිමත් පාලකයින් සිටින රටවල් වල තුන්වෙනි එන්නතක් ලබාදෙන්න ආරම්භ කරලා. අපි තවමත් ඒවා ගැන කතා කර කර ඉන්නවා එමනිසා මේ රටේ රජය ඒ පිළිබඳ ව කල් වේලා ඇතුව සැලසුම් කළ යුතුයි.කල්වේලා ඇතිය තීන්දු නොගැනීමේ ගතියක් මේ ආණ්ඩුවේ තිබෙනවා .
පසුගියදා අපේ අගමැතිතුමා ඉතාලිය බලා පිටත් වුණා විශෙශ්ෂයෙන් පාස්කු ප්‍රහාරය ගැන කතිකාවතක් ඇතිවී තිබෙන මොහොතක තමයි එතුමා ඉතාලියට ගියේ අතීතයේ දී සිංහ කොඩිය දාලා අපේ රාජ්‍ය නායකයින් පිළිගත්ත රටක් තමයි ඉතාලිය දේශප්‍රේමින් රැසක් ඉන්න රටක් තමයි ඉතාලිය නමුත් ඒ අවස්ථාවේ අපි දැක්කෙ අගමැතිතුමාට හූ කියනවා අපි දැක්කා දෙසීයක් පමණ සිටින ස්ථානයක කළු කොඩි ඔසවා ගෙන හූ කිව්වා . තවත් ස්ථානයක අගමැතිතුමාට ජයවේවා කියනවා ආශිර්වාද කරනවා අගමැතිතුමා පිළිගන්නවා දැක්කා එම පිරිස් තානාපති කාර්යාල සේවකයින් වෙන්නත් පුළුවන් මේ ගැන අපි කතා කරල වැඩක් නැහැ පාස්කු ප්‍රහාරය පිළිබඳව ලෝක මතයට ඇහුම්කන් දිය යුතුයි ලාංකිකයන් ලොව පුරා ඉන්නවා එම අයගේ නිගමනය මේ තුළින් අපට දැනගන්න පුළුවන්. මේ ආකාරයට ගියොත් අපේ රාජ්‍ය නායකයා යන තැන් වල ජාතික ගීය වෙනුවට හූ කියන්න ඉඩ තිබෙනවා එවැනි වාතාවරණයක් ගොඩ නැගෙමින් පවතිනවා.
අපි දැක්කා අම්පාරේ දී වනජීවි රාජ්‍ය ඇමති විමලවීර දිසානායකට ජනතාව විසින් හූ කිව්වා. වනජීවී ඇමති මොකටද මිරිදිය මසුන් ඇති කරන්නේ ඒ තුමා ව්‍යාපාර කරනවා වෙන්න ඇති. අපි දැක්කා ගොවියෝ එකතුවෙලා එතුමාට හූ කියනවා මිරිදිය මසුන් ඇති කරන්න යනවා එතුමා කියනවා එතුමාට හූ කිව්වේ මනුෂ්‍යයෝ වෙන්න බැහැ කියලා කවුරුන් හෝ හූ කියපු අය තමයි එතුමාට චන්දය දුන්නේ .දැන් රජයේ ඉන්න ඇමතිවරු කියනවා 69 ලක්ෂයේ අයටම මනුෂ්‍යයෝ වෙන්න බැහැ කියලා එවැනි තත්ත්වයකට රට පත් වෙලා. ඒ ආකාරයට රජය සීග්‍රයෙන් පිරිහෙමින් පවතිනවා .එය කණගාටුදායක තත්වයක් .අපිට දුක රජය පිරිහෙනවට නෙමෙයි රජය නිසා රට පිරිහෙන එකට මේ වෙන විට ජනතාවට දුක් විඳින්න සිදු වෙලා ජනතාවට ඉතාමත් දුෂ්කර අනාරක්ෂිත ජීවිතයක් ගත කරනවා ඒ ගැන අපිට කණගාටුයි. ඒ තුළින් ජනතාව බේරා ගන්න ඉදිරියට කැප කිරීම් කරනවා.
මේ රජයේ විසින්ම පත් කරපු ජේෂ්ඨ නිලධාරීන් විශේෂඥ වෛද්‍යවරුන් රජය ගැන කලකිරීම නිසා තනතුරු වලින් ඉවත්වෙලා යනවා එම අය දක්ෂ රටට ආදරේ අය මේ රජය සමග වැඩ කරන්න බැහැ ඒ අයගේ තීන්දු තීරණ පිළිගැනීමක් නැති බව එම අය කියනවා ඒ වගේම කලකිරීමෙන් ඉවත් වෙන්නේ අපි දැක්කා මහ බැංකුවේ අධිපති ලක්ෂ්මන් මැතිතුමා මේ ආණ්ඩුව විසින් පත් කරගත්ත මහ බැංකු අධිපති ඉතාමත් කෙටි කාලයකදී ඉවත්වෙලා ගියා එහිදී කිව්වා දේශපාලනඥයින්ට රට සංවර්ධනය කරන්න වුවමනාවක් නැහැ කියලා එතුමා ඒ කිව්වේ විපක්ෂයට නෙමෙයි විපක්ෂ එක්ක වැඩ කරේ නැහැ එතුමා ඒ කිව්වේ රජයට හා රට පාලනය කරන දේශපාලකයින්ට. ඒ වගේම අපි දැක්කා වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වුණා මේ රජය පත් කරගත්ත පළපුරුද්ද තියෙන විශේෂඥ දැනුම තියෙන මහත්මයෙක් එතුමා ඉල්ලා අස්වන විටත් කිව්වේ මේ අය කළමනාකරණයට දෙන අවවාද උපදෙස් පිළිගන්න තරම් කළමනාකරණය කරන කට්ටියට ප්‍රඥාවක් නැහැ කියලා ඒ ඇඟිල්ල දික්කරන්නේ එතුමාට වඩා ඉහළින් ඉන්න දේශපාලකයින්ට කෘෂිකර්ම ඇමති තුමා ඇතුළු රට පාලනය කරන අයට තමයි චෝදනා එල්ල කළේ එය කණගාටුදායක තත්වයක් මේ ආකාරයට ජනතාව පමණක් නෙමෙයි මේ අයට ලඟින් සමීපව හිටපු උගත්තු මේ රජය ගේන්න කැපකිරීම් කරපු උගත්තු පවා රජය ගැන කලකිරිලා ඉතාම කනගාටුවෙන් තනතුරු ඇත ඇරලා යන තත්ත්වයට පත්වෙලා.