තුන් ලක්ෂ විසි නම දාහක් පමණ වටිනා තීරබදු නොගෙවා නීති විරෝධීව ආනයනය කර තිබු මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් බන්ඩල් 47ක් දුම්වැටි9400කප්‍රමාණයක් හ සැකකරුවෙකු සමගින් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ.
එම දුම්වැටි වැඩිමිලට අලෙවිකරමින් තිබෙද්දි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙහි වැඩිදුර පරීක්ෂණ සඳහා වයස අවුරුදු විසිනවයක්වු සැකකරු සහ සිගරැට් තොගය අතුරුගිරිය පොලිස් ස්ථානය වෙතභාර දීමට පියවර ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බලකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝයි සුමන වර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි මූළස්ථාන අරුණ කටුගම්පල මහතාගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර කුලසේකර මහතාගේ නායකත්වයෙන් යුතුව පොලිස් පරීක්ෂක ජයලත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තීරුබදු රහිතව ගෙන්වා තිබෙන මෙම සිගරැට් තොගය සොයාගෙන ඇත.
මේ අතර ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලැබු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් (19)කැලණිය පෑලියගොඩ පොලිස් වසමේ වැටලීමක් කර හෙරොයින් ග්‍රෑම් 10.65යි, ජංගම දුරකතනයක් අත් අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් හුංගම පොලිස් වසමේ වැටලීමක් සිදුකොට වියලී ගංජා කිලෝ එකයි දශම පහක් හා කේරළ ගංජා ග්‍රෑම් 140ක් අත්අඩංගුවට ගෙන තිබේ