26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPබියගම පේරගස්හන්දිය නිවසක් තුල නීති විරෝධී ලෙස පෙරන ලද ස්ප්‍රීතු තොගයක් සමග...

බියගම පේරගස්හන්දිය නිවසක් තුල නීති විරෝධී ලෙස පෙරන ලද ස්ප්‍රීතු තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට. සුරාබදු දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ නිලධාරීන්ට මහජනයාගෙන් ලැබු තොරතුරු මත බියගම පේරගස්හන්දිය ප්‍රදේශයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී ලෙස නිපදවන ලද ස්ප්‍රීතු හෙවත් කසිප්පු මිලි ලීටර 510,000ක් (ලීටර් 510) සමග ඒවා ළඟ තබාගෙන සිටි සැකකරුවකු (17) අත්අඩංගුවට ගෙන තිබේ.

ඇදිරි නීති සමය තුල රජයේ අනුමත මත්පැන් විකිණීමේ ස්ථාන වසා තැබීම හේතුවෙන් මත්පැන් සදහා වන දැඩි ඉල්ලුම වෙනුවෙන් වෙනත් ප්‍රදේශයක සිට ගෙනවිත් ප්ලාස්ටික් කෑන් වලට අසුරා කොළඹ ප්‍රදේශ ඉලක්ක කර අධික මිල ගණන් වලට විකිණීම සඳහා සැලසුම් කර තිබූ මෙම නීති විරෝධී ස්ප්‍රීතු හෙවත් කසිප්පු තොගයේ වටිනාකම රුපියල් නමලක්ෂ පනස් දහසක් (950,000/=) පමණ වන බව සුරාබදු නිළධාරීන් පවසයි.

නීති විරෝධී ස්ප්‍රීතු හෙවත් කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් පමණ වන පේරගස්හන්දිය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු බවට හඳුනාගෙන තිබේ. තවද අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිව ඉදිරි දිනයකදී කඩවත මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පැවරීමට නියමිතව ඇත. තවද මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සුරාබදු අධීකාරි චන්න විරක්කෝඩි මහතාගේ අධික්ෂණය යටතේ සිදුකෙරේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා හා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ගාමිණී අධිකාරී මහතාගේ මග පෙන්විම යටතේ සුරාබදු අධීකාරි ( දීපව්‍යාප්ත සුරාබදු සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය ) එච්. එච්. ඩී. ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු ස්ථානාධිපති ( දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය ) ප්‍රධාන සුරාබදු පරික්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන්, සුරාබදු පරීක්ෂක ඉන්දික, සුරාබදු කෝප්‍රල්වරුන් වන 820 සිසිල්, 828 හර්ෂ, 997 නිලන්ත සහ සුරාබදු රියදුරු හේරත් යන නිලාධාරි මෙම වැටලිම සිදු කර තිබේ.

මෙම ග්‍රහණයට අදාළ වීඩියෝ පට සහ ඡායාරුප කිහිපයක් මේ සමග යා කර ඇති අතර වැඩි දුර තොරතුරු සඳහා 071-1232527 අංකයෙන් සුරාබදු ස්ථානාධිපති ( දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය ) ප්‍රධාන සුරාබදු පරික්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා අමතන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments