29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජනපති පැමිණීමෙන් පසු කෙරවළපිටිය විදුලිබලාගාරය ගැන සාකච්ඡා කරනවා. ඇමැති විමල්

ජනපති පැමිණීමෙන් පසු කෙරවළපිටිය විදුලිබලාගාරය ගැන සාකච්ඡා කරනවා. ඇමැති විමල්

කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට ලබාදුන්නා යැයි කීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ
විශේෂ රැස්වීමක් ඊයේ (20) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැත්විණි.

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය රැකගත් ආකරයට කෙරවලපිටිය තාපබලාගාරය රැකගන්න කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක, ඇමැති වාසුදේව නානයක්කාර මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි විගස කෙරවළපිටිය තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ජාතික නිදහස් පෙරමුණ නායක , ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

මේ සඳහා ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, යුතුකම සංවිධානය, අපේ ජනබල පක්ෂය ඇතුළු පක්ෂ එකොළහක නියෝජිතයින් මෙම සාකච්ඡාවට සම්බන්ධවී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments