ගිනි අවි දෙකක් හා හෙරොයින් සමග සැකකරුවන් පස්දෙනකු වත්තලදි අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වි තිබේ.
මෙම පිරිස (19) රාත්‍රීකාලයේදී වත්තල පොලිස් වසමට අයත් ඇලකන්ද ප්‍රදේශයේ සිටින බවට වත්තල පොලිසියට ලැබුණු තොරතුක් අනුව මෙම වැටලීම සිදුකර ඇත. එහිදි පිස්තෝලයකට සමාන අයුරින් සකසන ලැබු ව්‍යාජ පිස්තෝල දෙකක්, හෙරොයින් ග්‍රෑම් පහක් හා මිලිග්‍රෑම් 110ක් , එංගලන්තයේ නිෂ්පාදිත අත්විලංගුවක්, මෝටර්රථයද සමග සැකකරුන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. බුලත්සිංහල ප්‍රදේශයේදී පහල වෙල්ගම බුලත් සිංහල පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත ලැබු තොරතුරක් අනුව වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් පහක්, මිලිග්‍රෑම් 800ක් සම සැකකරුවෙකු (20)අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිස් වසමේ මැගසින් පාර ප්‍රදේශයේදී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් කර හෙරොයින් ග්‍රෑම් 2ක් මිලිග්‍රෑම් 830ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අද(21) අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම කළුතර උතුර පොලිස් වසමේදී සූමිත්‍රාරාම පන්සල අසලදී එම පොලිසියට ලැබුණු තොරතුරක් අනුව හෙරොයින් ග්‍රෑම් පහක් හා මිලිග්‍රෑම් සීයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. (21) මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාදුක්ක පොලිස් වසමේ කුරුගල ප්‍රදේශයේදී එම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුක් අනුව නීති විරෝධි මත්පැන් ලීටර් 52.5ක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම බණ්ඩාරගම පොලිස් වසමේ නීතිවිරෝධි මත්පැන් ලීටර් 62.25ක් හා පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 1123ක්, ගෑස් සිලින්ඩරයක්, ගෑස්ලිපයක් සහ තඹ දඟරයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම පොලිස් වසමේ ඉන්ධන හල අසල කලපුවේදී මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 384ක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත.