21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsරුපියල් එක්කෝටි තිස්හයලක්ෂයකට වැඩි වටිනාකමකින් යුතුකේරළ ගංජා කිලෝග්‍රෑම් 105 ක තොගයක් පොලිස්...

රුපියල් එක්කෝටි තිස්හයලක්ෂයකට වැඩි වටිනාකමකින් යුතුකේරළ ගංජා කිලෝග්‍රෑම් 105 ක තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනී.

රුපියල් එක්කෝටි තිස්හයලක්ෂයකට වැඩි වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝග්‍රෑම් 105 ක තොගයක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට
ගෙන තිබේ.

ඉලුප්පුකඩවායි පොලිස් වසමේ කට්ටාලම්පිට්ටි කලපු තීරය ප්‍රදේශයේ දී (20)ඉන්දියාවේ සිට මෙරටට අධිවේගී බෝට්ටු මගින් රැගෙන එන ලැබු මෙම කේරළ ගංජා කිලෝග්‍රෑම් 105 ක තොගය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය මෙම වසරේ මේ දක්වා කේරළ ගංජා වැටලීම් 158 ක් සිදුකර කේරළ ගංජා කිලෝග්‍රෑම් 696 ක් සැකකරුවන් 162 ක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර වටිනාකම රුපියල් නව කෝටි පන්ලක්ෂයකට අධික වේ. මෙම සියලු වැටලීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුවි තිබෙන අතර ඉකුත් (20) වෙනිදා සිදුකළ මෙහෙයුමද ඒ මහතාගේ අධීක්ෂණය යටතේ කලාප අණදෙන නිලධාරී වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හෙට්ටිආරච්චි මහතා හා ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පො.ප. යූ.ඩී.එස්. ප්‍රසන්න ඇතුළු නිලධාරී කණ්ඩායමක්
සිදුකර තිබේ.

මීට අමතරව හොරොව්පතාන පොලිස් වසමේ මුක්කරවැව වැලිවැව රජයේ රක්ෂිත ප්‍රදේශයට ඇතුළුවි රක්ෂිතයේ අක්කර කාලක් පමණ අනවසරයෙන් එළි පෙහෙළි කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම ප්‍රදේශයේදීම අක්කර භාගයක් අනවසරයෙන් එළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැලිකන්ද පොලිස් වසමේ බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු සමග ටිපර් රථ පහක් අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පොල පොලිස් වසමේ නීතිවිරෝධි මත්පැන් (ගෝඩා) මිලි ලීටර් 58000 ළඟ තබාගත් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. නිවිතිගල පොලිස් වසමේ බලපත්‍ර රහිතව අනවසරයෙන් පතල් කැණීම් කරන ස්ථානයක් වටලමින් පුද්ගලයින් දහතුනක් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිනුවන්ගොඩ පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලිලීටර් 33,750ක් ගෝඩා මිලි ලීටර් 720,000 සහ පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. ජා ඇළ පොලිස් වසමේ නීති විරෝධිව මත්පැන් මිලි ලීටර් 33,750ක් ජවාරම් සිදුකරනු ලැබ අයකු අත්අඩංගුවට ගෙන ඇත.

හපුතලේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බෝගහකුඹුරු පොලිස් වසමේ නීති විරෝධි ලෙස බලපත්‍ර රහිතව ත්‍රීරෝද රථයකින් සුදු හඳුන් කිලෝ පහළොවක් හා ග්‍රෑම් පනහක් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු එම ත්‍රීරෝදය සමග අත්අඩංගුවට ගෙන තිබේ. මත්තල පොලිස් වසමේ තිත් මුවකු මරා මස් කිලෝ ග්‍රෑම් තිස්පහක් ප්‍රවහනයට සූදානම් කරමින් සිටි පුද්ගලයකු සමග මරණ ලද තිත් මුවාගේ ශරීර කොටස් සහ යතුරුපැදියක් ඇතුළු භාණ්ඩ අත්අඩංගුවට ගෙනතිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments