29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමේවනවිට උතුරේ සියලු ම පාසල් වල දරුවන් ට උගන්වනවා, නැගඟනහිර පාසල් වල...

මේවනවිට උතුරේ සියලු ම පාසල් වල දරුවන් ට උගන්වනවා, නැගඟනහිර පාසල් වල දරුවන්ට උගන්වනවා, ජාත්‍යාන්තර පාසල් සහ පුද්ගලික පාසල් වල දරුවන්ට උගන්වනවා, එහෙමනම් අද අනාත වෙලා තියෙන්නේ, උගන්වන්නේ නැත්තේ දකුණේ ඉන්න රජයේ පාසල් වල ඉගෙනගන්න අසරණ දරුවන්ට පමණයි.ඇමැති සරත් වීරසේකර

අද උතුරේ සියලු ම පාසල් වල දරුවන් ට උගන්වනවා. නැගෙනහිර පාසල් වල දරුවන්ට උගන්වනවා. ජාත්‍යාන්තර පාසල් සහ පුද්ගලික පාසල් වල දරුවන්ට උගන්වනවා. එහෙමනම් අද මේ අනාත වෙලා තියෙන්නේ, උගන්වන්නේ නැත්ත දකුණේ ඉන්න රජයේ පාසල් වල ඉගෙනගන්න අසරණ දරුවන්ට පමණයි. එනිසා මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. කරුණාකරලා ඒ වර්ජනයේ යෙදෙන ගුරුවරුන්ට මම කියනවා. කරුණාකර දරුවන්ට උගන්නවන්න දරුවන්ගේ අනාගතය ගැන හිතලා.

ඊයේ දින ගුරු වර්ජනය මෙහෙවන අය ගුරුවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනගොස් ප්රනශ්න කලා කියලා මහජන ආරක්ෂක අමාත්යතවරයා හැටියට මට චෝදනා කරනවා. ඒක වැරදියි. මන්ද මේ පැමිණිල්ල අපරාධ පරීක්ෂක පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළේ ගුරුවරුන්. තමන් ළමුන්ට අධ්යාිපනය ලබාදෙන විට තමන්ට මරණීය තර්ජන එල්ල වෙනවා කියලා පැමිණිළි දැම්මෙ ගුරුවරු. ඒක නිසා තමා මරණීය තර්ජනය කළා කියන ගුරුවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නලා ප්ර ශ්න කළේ. මෙතන කිසිම දේශපාලනයක් නෑ.

වර්ජනයට සහභාගි වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒක ප්ර ජාතන්ත්ර වාදී අයිතියක්. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. වර්ජනයේ යෙදෙන බොහෝ ගුරුවරුන් මට පෞද්ගලිකව කතා කර කියා තිබෙනවා ඔවුන් මෙය කරන්නේ ස්ව කැමැත්තෙන් නෙමෙයි කියලා. බල කිරීමකට. ඒ නිසා මම ඔවුන්ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා දරුවන් ගැන හිතලා දරුවන්ගේ අනාගතය ගැන හිතලා උගන්වන්න පටන් ගන්න කියල.

ඒ වගේම අපි දන්නවා රජයේ සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීම බරපතළ වැඩ ඇතිව සිර දඩුවමි ලැබිය හැකි වරදක්. ඒවගේම මම කියන්න කැමතියි ඒවගේම දරුවන්ට ආදරයෙන් උගන්වන ගුරුවරුන්ට වචනෙකින් හෝ බලපෑමක් කළොත් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්රි යාත්මක වන බව අමාත්යවවරයා ලෙස ප්රිකාශ කර සිටිනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments