සංචරන සීමා ඇදිරිනීති කාලය තුල
පරිසර හානි සිදු කරමින් වැලි
ගබඩාවක් පවත්වාගෙන ගිය
ජාවාරමුන් සමග රුපියල් ලක්ෂ
දහයක් වටිනා වැලි කියුබ්304ක්,
ට්‍රැක්ටර් රථ හතරක්, පුද්ගලයින්
හතර දෙනකු විශේෂ කාර්ය බලකා
නිලධාරීන් අත්අඩංගුවට
ගෙන
තිබේ.
අග්බෝපුර පොලිස් වසමේ දී
(22) වැටලීම් පහක් සිදුකර
පරිසර හානි සිදු කරමින් බලපත්‍ර
නොමැතිව වැලි ගබඩාවක්
පවත්වාගෙන ගිය පුද්ගලයකු හා
බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය
කළ ට්‍රැක්ටර් රථ හතරක් හා
පුද්ගලයින් හතර දෙනෙකු සමග
වැලි කියුබ් 304 යි, අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන කටයුතු
සඳහා අග්බෝපුර පොලිස් ස්ථානය
වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත්
පුද්ගලයින් වයස අවුරුදු
24,30,35,36 පසු වේ.
අත්අඩංගුවට ගත් වැලි වල දල
වටිනාකම රුපියල් ලක්ෂ දහයකට
අධික වේ.
අත්අඩංගුවට ගත්
විශේෂ කාර්ය බලකාය අණදෙන
නිලධාරී නියෝජ්‍ය පොලිස්පති
නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ
සෘජු අධීක්ෂණය යටතේ වව්නියාව
කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරි ලක්ෂ්මන්
අබේකෝන් මහතාගේ උපදෙස්
පරිදි විශේෂ කාර්ය බලකාය
කන්තලේ කඳවුරේ නිලධාරීන්ට
ලද තොරතුරකට අනුව කඳවුර
අණදෙන නිලධාරී පොලිස්
පරීක්ෂක එම්.එස්. ඊබ්‍රහිම් ඇතුළු
නිලධාරී කණ්ඩායමක් මෙම
වැටලීම් සිදුකර තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අවුල්සාවියා මාර්ගයේ පිහිටි මුස්ලිම් පල්ලිය අසලදි නීති විරෝධි කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන පොලිස්වසමේ සංඝරාජ මාවතේ වලව්වත්ත, කොළඹ 10 කියන ලිපිනයේ පිහිටි වෙළෙඳ සැලක් තුලදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු දුම්වැටි (MANCHESTER) තොගයක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. කොස්ලන්ද පොලිස් වසමේ ඕෆිල්වත්ත ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුල්මුඩේ පොලිස් වසමේ පාලම්කූලම් ප්‍රදේශයේ රජයට අයත් කැලෑව තුලට අනවසරයෙන් ඇතුළුවී අක්කර එකක පමණ ප්‍රමාණයක් කපා එළි පෙහෙළි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.